(පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම් වෙනුවෙන් වසර දෙකක සිට තමන්ට ලැබිය යුතු මුදල් මෙතෙක් ලැබී නොමැති බවත් තම ව්‍යාපාර කඩාවැටී තමන් දැඩි අසිරු තත්වයකට පත්ව ඇති බවත් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අද (14) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
ජාතික ඉදිකිරීම් සංගමයේ බදුල්ල ශාඛාවේ නියෝජිතයන් , ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයන් සහ බදුල්ල නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යපාරිකයන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.
ඌව පළාත් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ බදුල්ල ශාඛාවේ උප සභාපති කේ.ඩී. කුමාර වංශ මහතා අදහස් දැක්වීය.
මේ හිඟ මුදලට ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පාසල් ගොඩනැගිලි සඳහා පමණක් ලැබිය යුතු මුදල මිලියන 450 ක් බවත් එම ව්‍යාපෘතිය සඳහා මේ දක්වා කිසිඳු මුදලක් ගෙවා නැති බවත් ඒ මහතා කීය.
එම ව්‍යාපෘති වසර දෙකක් තුළ ඉදිකිරීම් අවසන් කරමින් වැඩි ම ව්‍යපෘති සංඛ්‍යවක් ඉදිකළ දිස්ත්‍රික්කයද බදුල්ල දිස්තික්කය බව ඒ මහතා පැවසීය.
කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු මුදල් නොලැබීම හේතුවෙන් තම ව්‍යාපාර කඩාවැටී ඇති බව ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යපාරිකයෝ ද එහිදී පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාපෘති වලට මුදල් නොලැබීමෙන් බදුල්ලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ අමාරුවේ