(රංජිත් රාජපක්ෂ)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනා නඩයකට පණුවන් සහිත ආහාර ලබා දුන් ආපන ශාලාවක් අද (15) මුද්‍රා තැබූ බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පවසති.
කුරුණැගල සිට පැමිණි 12 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයක් ශ්‍රී පාදස්ථානය කරුණා කර නල්ලතන්නියට පැමිණ ආහාර ලබා ගැනීම සඳහා නල්ලතන්නිය නගරයේ ආපන ශාලාවක් වෙත ගොස් ඇත.
එහිදී වන්දනා නඩයේ ඉල්ලීම පරිදි ආහාරය සඳහා බත්, ව්‍යාංජන සමඟ කුකුල් මස් ද ලබා දී තිබු බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරු කියති.
ආහාරය සඳහා බත් සමඟ ලබා දුන් කුකුල් මස් වල සිටි පණුවන් පිගන් මත දඟලමින් සිටි ආහාර ඇණවුම් කළ වන්දනා නඩය විසින් ඇණවුම් කළ ආහාරපාන විසි කර දමා ඒ පිළිබඳව නල්ලතන්නිය පොලිසිය වෙත සහ නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලය වෙත දැනුම් දි ඇත.
එම ආපනශාලා හිමියාට එරෙහිව හෙට (16) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරු පවසති.
නල්ලතන්නිය මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ ශ්‍රී පාද වන්දනා සමයේ දී වන්දනාකරුවන් ගුණාත්මක ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් නල්ලතන්නිය නගරයේ සියලුම ආපනශාලා සහ වෙළඳසැල් හිමියන් දැනුවත් කර සති පතා එම වෙළඳසැල් සහ ආපනශාලා පිළිබඳව වාර්තාවක් ලබා ගන්නා බවයි.


2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වන්දනාකරුවන්ට පණුවන් සහිත ආහාර දුන් වෙළඳසැළකට මුද්‍රා තැබෙයි
sugath Wednesday, 15 January 2020 11:35 AM
ඔය තමා ශ්‍රී පාද වන්දනාවේ යනවිට මස් මාංශ අනුභව කිරීමේ ආනිශංස. අද බොහෝ ලොකු කුඩා හෝටල්වල තත්වය ඕක තමා. අද ඔවැනි ගමනක් යනවිට තමන් විසින් නිවසේදී සාදාගත් අහාර, බිස්කට්, පලතුරු වැනි දේ ගෙන යා යුතුයි.