පුරාවස්තු සොයන්න ගිය 10 ක් පොලිස් දැලේ පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉපැරණි පුරාවිද්‍යා භූමියක ගැවසුණු බව කියන පුද්ගලයන් 10 දෙනෙකු අද (17) මනම්පිටිය මහ වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි. 17 January 2020
ඝාතනයකට චෝදනා ලැබූ 6 ක් නිදොස් කොට නිදහස් වසර 27 කට පෙර කඩුවෙල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද (17) දින නියෝග කළේය. 17 January 2020
ගාල්ලේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතුකිරීම නවතී රත්ගම මොන්රෝවියාවත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරනලද තහනම් නියෝගයක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී තිබේ. 17 January 2020
මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ නඩුවේ ඇප නියෝගය 21 වැනිදා පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වලිමුනි මෙන්ඩිස් අබේසේකර ශාන්ත සිසිර කුමාර මහතාට ඇප ලබාදිමේ නියෝගය නිකුත් කිරිම 21 වැනිදා සිදු කරන බව හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ කහදගම මහතා අද (17) නියෝග කළේය. 17 January 2020
හිඹුටුගොල්ලෑව විදුහලට නව ගොඩනැගිල්ලක් ගලෙන්බිදුනුවැව අධ්‍යාපන කලාපයේ කීර්තිමත් පාසැලක්වන හිඹුටුගොල්ලෑව විදුහලේ භෞතික පහසුකම් සපුරාලමින් ඉදිවූ නව පාසැල් ගොඩනැගිල්ල අද(17) සිසු අයිතියට පත්කෙරිණි. 17 January 2020
දුම්රියේ සවිකරන විදුලි පංකා ගැන විමර්ශනයට ස්වාධීන කමිටුවක් දුම්රිය එන්ජින් සහ මැදිරිවල සවිකරන විදුලි පංකා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(17) තීරණය කළේය. 17 January 2020
ශ්‍රීපාද වන්දනා සමයේ රැස්වන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට ශ්‍රී පාද වන්දනා සමයේදී එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රීකරණයට මස්කෙළිය ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇතැයි ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති බී. ඩබ්. හේමන්ත මහතා පැවසීය. 17 January 2020
බීමතින් දෙමව්පියන්ට පහර දුන් පුද්ගලයා රිමාන්ඩ් බීමත්ව තම දෙමව්පියන්ට පහර දුන් බව කියන පුද්ගලයකු ජනවාරි 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පස්සර සංචාරක මහේස්ත්‍රාත් (බදුල්ල මහේස්ත්‍රාත්) චමින්ද කරුණාදාස මහතා අද(17) නියෝග කළේය. 17 January 2020
පස්සර-මඩොල්සිම උද්ඝෝෂණය අවසන් මඩොල්සිම ගම්මාන කිහිපයක ජනතාව සහ පාසැල් සිසුන් සියයකට ආසන්න පිරිසක් එක්ව අද (17) උදෑසන පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ මාලිගාතැන්න ප්‍රදේශයේ දී පැවැත්වූ උද්ඝෝෂණය පැය එක හමාරක පමණ කාලයකට පසුව අවසන් කළේය. 17 January 2020
ගංජා පාර්සලයක් සමඟ සිසුවකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගංජා පාර්සලයක් ළඟ තබා සිටි පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙකු අද(17) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. 17 January 2020
පස්සර - මඩොල්සිම මාර්ගය අවහිරකරමින් ජනතා විරෝධතාවක් පස්සර - මඩොල්සිම මාර්ගය මාළිගාතැන්නෙහිදී අවහිර කරමින් අද(17) උදෑසන ගම්මාන සහ තේ වතු කීපයක ජනතාව හා පාසැල් සිසුහු විරෝධතාවයකට සහභාගීවී සිටියහ. 17 January 2020
ගාල්ල මහනගර සභාව කසළ එකතුකිරීම තාවකාලිකව නවතයි ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් බැහැරවන කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී ඇති බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි. 16 January 2020
බලපත්‍ර රහිත ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු අත්අඩංගුවට කොස්ලන්ද මැදගොඩ නිකපිටිය ප්‍රදේශයේදී, බලපත්‍ර රහිතව ජංගම ලී ඉරුම් පට්ටලයක සිටි තිදෙනෙකු ඉරන ලද දැව තොගයක් සමඟ සැකපිට අද(16) අත්අඩංගුවට ගත් බව කොස්ලන්ද පොලිසිය කියයි. 16 January 2020
ඌවේ උපාධිධාරීහු ආණ්ඩුකාර කාර්යාලය වටලති ඌව පළාතේ උපාධිධාරී ගුරු විභාග සමත් වූවෝ අද (16) බදුල්ල ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක නිරත වූහ. 16 January 2020
‘අවුරුදු 35ක් එක් වූ කසළ මාස තුනෙන් ඉවත්කරනවා’ බදුල්ල නගරයේ වසර 35ක කාලයක් එකතු කර තිබෙන කසළ මාස තුනකින් ඉවත් කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අද( 16) පැවසීය. 16 January 2020
සතුන්ට බාධා වන අයුරින් හෝර්ටන්තැන්නේ සිටි තිදෙනෙක්ට දඩ හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වන සතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකු හට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය. 16 January 2020
බදුලු ඔය ඉවුරේ ජීව අත්බෝම්බයක් බදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලු ඔය ඉවුරේ තිබී අද(16) ජීව අත් බෝම්බයක් හමු වූ බව බදුල්ල පොලිසිය පවසයි. 16 January 2020
තරුණයන් පිරිසකට ඇසිඩ් ගැසූ දෙදෙනා රිමාන්ඩ් බුලත්කොහුපිටිය මොරොන්තොට දී තරුණයින් පස් දෙනෙකුට ඇසිඩ් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් යුරේකා විමලජීව මහත්මිය අද (16) නියෝග කළාය. 16 January 2020
ලක්ෂ 4 ක කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙක් පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ අංශය සමත්ව තිබේ. 16 January 2020
උසාවිය මඟ හරිමින් සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට මත්පැන් ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් උසාවිය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් සිව්දෙනකු අද (16) සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි. 16 January 2020
විද්‍යා තාක්ෂණ කොමිසමේ නව සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනිය ලෙස පත් වූ මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය නව තනතුරේ වැඩකටයුතු ආරම්භ කිරීම බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි එම කොමිෂන් සභා ප්‍රධාන කාර්යාලයේදී අද(16) සිදුකෙරිණ. 16 January 2020
වේවැල්හින්න ගැටුමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට තෛපොංගල් උත්සවය දා බදුල්ල වේවැල්හින්න වත්තේදී වතු කම්කරුවන් දෙපිරිසක් ඇතිවූ ගැටුමට සම්බන්ධ තුවාලකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි. 16 January 2020
ඇඹිලිපිටියේ පාසලකට සිසුන් ඇතුළත් කරනොගත්තැයි විරෝධයක් තම දරුවන් ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයට ඇතුළත් කර නොගත්තැයි අද(16) පාසල ඉදිරිපිටදී මව්පියවරු විරෝධතාවක නිරතවූහ. 16 January 2020
බීමතින් දෙමව්පියන්ට පහර දුන් අයෙකු අත්අඩංගුවට අධික ලෙස බීමත්ව පැමිණ තම දරුවා තමුන්ට පහර දෙන බව පවසමින් දෙමාපියන් විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පුද්ගලයකු අද (16) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 16 January 2020
බදුල්ලේ කෑලෑවක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි බදුල්ල තල්දෙන පරගස්තැන්න කැලෑ ප්‍රදේශයක තිබි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී ඇතැයි (16) හමුවී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි . 16 January 2020
කොත්මලා ජලාශයේ තරුණයකුගේ මළ සිරුරක් ඉහළ කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයකුගේ මළ සිරුරක් අද (16) සොයා ගත් බව තලවකැලේ පොලීසිය පවසයි. 16 January 2020
ලක්ෂ 25ක රන් භාණ්ඩ කොල්ල කෑ 7දෙනෙකු අත්අඩංගුවට රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ල කෑ සිව්දෙනෙකුගෙන් යුතු කල්ලිය සහ ඊට සහය වූ තිදෙනෙකු කහතුඩුව හා බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 16 January 2020
කොළඹ වරායෙන් බියර් සොරාගත් අයෙකු අත්අඩංගුවට මාලදිවයිනට ප්‍රති අපනය කිරීම සඳහා, කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ බහාලුම්වල ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා බියර් කෑන් තොගයක් සොරාගත් පුද්ගලයකු කොටහේන ගබඩාවකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 16 January 2020
පාසලක ගුරු හිඟයකට විසඳුම් ඉල්ලා විරෝධතාවක් වවුනියාව මුන්ඩිමුරුප්පුව ගුණානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා පාසලේ මව්පියවරු සහ සිසුහු අද(16) විරෝධතාවක නිරත වූහ. 16 January 2020
හල්පේ ලොරි රථයක් ට්රාන්ස්ෆෝමරයක ගැටෙයි බෙලිහුල්ඔය හල්පේ ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමරයක් අසල දී ලොරි රථයක් අද (16) අධිබල විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව පොලිසිය පවසයි. 16 January 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026