(ක.ග කරුණාරත්න)
පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉපැරණි පුරාවිද්‍යා භූමියක ගැවසුණු බව කියන පුද්ගලයන් 10 දෙනෙකු අද (17) මනම්පිටිය මහ වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
සැකකරුවෝ කුරුණෑගල, නාරම්මල, වාරියපොල, වැලිකන්ද, කපුකොටුව, සුංගාවිල, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
නාරම්මල ප්‍රදේශයේ විෂ්ණු දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකුද මේ අතර වන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.
මොවුන් පැමිණි බව කියන ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරු පැදි දෙකකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන වල ඡායාරූප ඇතුළත් ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති සෙසු භාණ්ඩ අතර සුර හයක්, දෙහිගෙඩි, මුහුදුවැලි, කපනකටු ආදී වන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුරාවස්තු සොයන්න ගිය 10 ක් පොලිස් දැලේ