(ක.ග කරුණාරත්න)
පුරාවස්තු සෙවීමේ අරමුණින් ඉපැරණි පුරාවිද්‍යා භූමියක ගැවසුණු බව කියන පුද්ගලයන් 10 දෙනෙකු අද (17) මනම්පිටිය මහ වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය කියයි.
සැකකරුවෝ කුරුණෑගල, නාරම්මල, වාරියපොල, වැලිකන්ද, කපුකොටුව, සුංගාවිල, යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
නාරම්මල ප්‍රදේශයේ විෂ්ණු දේවාලයක් පවත්වාගෙන යන කපුවෙකුද මේ අතර වන බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී තිබේ.
මොවුන් පැමිණි බව කියන ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරු පැදි දෙකකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ස්ථාන වල ඡායාරූප ඇතුළත් ජංගම දුරකථන දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති සෙසු භාණ්ඩ අතර සුර හයක්, දෙහිගෙඩි, මුහුදුවැලි, කපනකටු ආදී වන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීහු පැවසූහ.
පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd