IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ශ්‍රීපාද වන්දනා සමයේ රැස්වන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට

(රංජිත් රාජපක්ෂ)    
 
ශ්‍රී පාද වන්දනා සමයේදී එක්රැස් කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රතිචක්‍රීකරණයට මස්කෙළිය ප්‍රාදේශීය සභාව කටයුතු යොදා ඇතැයි ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති බී. ඩබ්. හේමන්ත මහතා පැවසීය.
 
එම වතුර බෝතල් කොළඹ පිහිටි පෞද්ගලික ආයතන  වෙත ලබාදෙන බවත්, ඉන් දත්බුරුසු වැනි භාණ්ඩ නිපදවන බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.
 
මේ වසරේ ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වී මාසයක් වැනි කෙටි කාලයක් තුළ ප්ලාස්ටික් වතුර බෝතල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කර ඇති බවද හේමන්ත මහතා කීය.
 
වන්දනාගරුවන්ට පොලිතින් උර භාවිතයෙන් වැළකී සිටින්නැයි දන්වා තිබූ බවත්, නල්ලතන්නියේ සිට ශ්‍රී පාද උඩමළුව දක්වා වන්දනාකරුවන් ගමන්ගන්නා මාර්ගයේ සවි කර ඇති කසළ බඳුන්වලට බැහැර කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.  වන්දනාකරුවන් සේම නල්ලතන්නියේ සංචාරක හෝටල්වලින් සහ ආපනශාලාවලින් බැහැර කරන වතුර බෝතල් ද මේ වෙනුවෙන් යොදාගන්නා බවත් හෙතෙම කීය.
 
නල්ලතන්නිය නගරයට සහ ශ්‍රී පාද මාර්ගයේ පිරිසිදු පානීය ජල යෝජනා ක්‍රමයක් ස්ථාපනය කරන්නේ නම් ශ්‍රී පාද පුද බිමේ  ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය අවම කළ හැකි බව හේමන්ත මහතා සඳහන් කළේය.



අදහස් (0)

ශ්‍රීපාද වන්දනා සමයේ රැස්වන ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site