(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වන සතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකු හට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 20000 බැගින් රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවීමට මෙසේ නියම වුයේ රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකුටය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ මහඑළිතැන්න ප්‍රදේශයේ වන සතුන් බහුලව ගැවැසෙන ස්ථානයක මෙම පිරිස වන සතුන්ට බාධාවන අයුරින් හැසිරෙමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න වනෝද්‍යානයේ අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd