(විජේරත්න රත්නායක)
ඌව පළාතේ උපාධිධාරී ගුරු විභාග සමත් වූවෝ අද (16) බදුල්ල ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක නිරත වූහ.
ගුරු විභාගය සමත් ඌව පළාතේ උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන ඉල්ලමින් මොවුහු මෙම විරෝධය පළකළහ.
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම විරෝධය පැවැත්වුණු අතර උපාධිධාරී ගුරු විභාග සමත්වූවෝ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
එම පිරිසේ නියෝජිතයින් කිහිපදෙනෙකුට ඌව පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාදුන් අතර එම සාකච්ඡාවෙන් සිය ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව පැවසූ විරෝධතාකරුවෝ සිය පත්වීම් ලැබෙනතුරු මෙම විරෝධය ඉදිරියටත් පවත්වන බව කීහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd