(ප්‍රසන්න පත්මසිරි)
බදුල්ල නගරයේ වසර 35ක කාලයක් එකතු කර තිබෙන කසළ මාස තුනකින් ඉවත් කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා අද( 16) පැවසීය.
නගර සභාව මගින් දැනට බදුලුපිටිය ප්‍රදේශයේ ගොඩ කර තිබෙන කසළ යාන්ත්‍ර මගින් ප්‍රතිචක්‍රීකරණය කරමින් කොම්පෝස්ට් නිපදවා ප්‍රදේශවාසීන්ට පොහොර නොමිලයේ ලබාදීමටද කටයුතු කරන බවද ආණුඩුකාරවරයා පැවසීය.
කොම්පෝස්ට් වෙන්කිරීමෙන් පසු ඉතිරිවෙන නොදිරන ද්‍රව්‍ය බදුල්ල නගරය අවට තිබෙන ජනශූන්‍ය ප්‍රදේශයකට රැගෙන යන බවත් ඉන් පසු ප්‍රදේශයෙන් බැහැර කරන කසළ වෙන්කර එම ප්‍රදේශයටම ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.
මෙම වැඩ සටහන පරසරයට හා ජනතාවට කිසිදු අවහිරයක් හා පරිසර හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
වසර 35ක කාලයක් තිස්සේ ජනතාවට මහත් කරදරයක්ව පැවති බදුල්ල නගරයේ කසළ ඉවත් කිරිමට බලධාරීන් පසුගිය කාලය පුරාම කටයුතු කළත් එය නිලධාරීන්ගේ හා දේශපාලකයින්ගේ කඹ ඇදිල්ලක් වීඹ හේතුවෙන් නැවතුණු බව ප්‍රදේශවාසීහු කියති.
මෙවර ආරම්භ කළ කසල ඉවත් කිරීමේ වැඩ සටහනට ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා ජනතාවගේ සහය ඉල්ලා සිටියි.
(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)
(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අවුරුදු 35ක් එක් වූ කසළ මාස තුනෙන් ඉවත්කරනවා’
Kumar Thursday, 16 January 2020 03:46 PM
මේ වගේ අය තව කිහිපදෙනක් ඉන්නවා නම් මොනවද කරන්න බැරිද. ඔය කියනා හැටියට නම් අලුත් අවුරුදු කාලය වෙනකොට වැඩේ සම්පුර්ණ කරන්න පුළුවන් වෙයි නේද.