IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ලක්ෂ 25ක රන් භාණ්ඩ කොල්ල කෑ 7දෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් ලක්ෂ 25කට ආසන්න රන් භාණ්ඩ කොල්ල කෑ සිව්දෙනෙකුගෙන් යුතු කල්ලිය සහ ඊට සහය වූ තිදෙනෙකු කහතුඩුව හා බඩෝවිටදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
 
තියුණු ආයුධ හා සෙල්ලම් පිස්තෝලයක් රැගෙන අලෙවිසලට කඩා වැදී රන් භාණ්ඩ කොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ.
 
ආභරණ කොල්ලයට සහය වූ සැකකරුවන් තිදෙනා අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය පවසයි.
 
ඉකුත් 13 වැනි දින සැකකරුවන් රන් භාණ්ඩ කොල්ලකෑම සිදුව ඇති අතර, සියලුම රන් භාණ්ඩ, ආයුධ, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් ද පොලිසිය සොයාගෙන තිබේ.
 
සැකකරුවන් අද(16) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 25ක රන් භාණ්ඩ කොල්ල කෑ 7දෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site