(කේ.බුද්ධික කුමාරසිරි)
වසර 27 කට පෙර කඩුවෙල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අද (17) නියෝග කළේය.
1993 දෙසැම්බර් 26 දින හෝ ඊට ආසන්න දිනයකදී දෙපාර්ශ්වයක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඇති වූ ගැටමුකදී මෙහි ප්‍රධාන විත්තිකරුගේ සහෝදරියක වන වෙලපහලගේ කුසුමාවතී යන අය ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනා වෙනුවෙන් නඩු පවරා තිබුණි.
මෙහිදී නඩු තීන්දුව සම්බන්ධයෙන් දීර්ඝ දේශනයක් කළ හෝමාගම මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේ ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයට ඉදිරිපත් වූ කරුණුවල ඇති පරස්පරතා සහ ඌණතාවයන් ඇතුළු කරුණු රැසක් සැළකිල්ලට ගෙන මෙම නියෝගය ලබා දීමට කටයුතු කළ බවයි.
මෙහි විත්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපාලි සේනාරත්න සහ නීතිඥ අරුණ ඉහලවිතාන යන නීතිඥයින් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රජින්ද ජයරත්න මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඝාතනයකට චෝදනා ලැබූ 6 ක් නිදොස් කොට නිදහස්