(නිශාන්ත කුමාර)
මත්පැන් ඇතුළු වැරදි කීපයක් සම්බන්ධයෙන් උසාවිය මඟ හරිමින් සිටි වරෙන්තුකරුවන් සිව්දෙනකු අද (16) සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 20-25 අතර පසුවන තරුණයන් සිව් දෙනෙකි.
මොවුන් පිළිබඳ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් තරුණයන් සිව් දෙනා අද (16) මහියංගන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd