IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අධිවේගී මාර්ගයේ කළු ගල් තබා ගම්වාසීහු විරෝධයක

(අනීෂා මානගේ)
 
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් මොරයාය සිට අඟුණකොළපැලැස්ස දක්වා මාර්ගයේ ගමනාගමනය අසීරු බව කියමින් අද(15) ගම්වාසීහු පිරිසක් විරෝධය දැක්වූහ.

වීරකැටිය කොටවාය ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් වීරකැටිය දහඅමුණ ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට කළුගල් යොදා අවහිර කර තිබිණි.

මේ හේතුවෙන් පැය බාගයක පමණ කාලයක් මාර්ගයේ ගමනාගමනය අඩාල වී තිබූ අතර ඉදිකිරීම් සඳහා පැමිණි පස් සහ ගල් ප්‍රවාහනය කරන ටිපර් රථවලට ද ගමන් කිරීමට නොහැකි විය.

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා පස් සහ ගල් ආදී දෑ ප්‍රවාහනය කරන ටිපර් රථ ගමන් කිරීම හේතුවෙන් මොරයාය සිට අඟුණකොළපැලැස්ස දක්වාදිවයන මාර්ගය මේ වන විට ඉතා අබලන් වී ඇතැයි ගම්වාසීහු කියති. මාර්ගයේ විශාල වලවල් හෑරී තිබීම නිසා කුඩා වාහන ගමන් කිරීම අසීරු බවද ඔවහු කියති. මේ හේතුවෙන් ගම්වාසීහු සිය විරෝධය දැක්වීම සඳහා වීරකැටිය දහඅමුණ ප්‍රදේශයේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අවහිර කළහ.



අදහස් (0)

අධිවේගී මාර්ගයේ කළු ගල් තබා ගම්වාසීහු විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site