(ඩී.ජී.සුගතපාල)
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් 17 දෙනා තව දුරටත් ජනවාරි 23 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය .
මෙසේ තව දුරටත් රක්ෂිතබන්ධනාගාර ගතකරනු ලැබුවේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල නිශාන්ත සිල්වා,උප පොලිස් පරික්ෂක එච්.ජී.විරාජ් මධුසංක, කොස්තාපල් එච්.ජී. සංජය චානක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වලස්මුල්ල කණුමල්දෙණිය රක්ෂිතයේ බිට්ටු නිලධාරි කංකානම්ගේ මාෂල් තුෂාර නලින්ද දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.සමන් රෝහණ, උප පොලිස් පරික්ෂක විදානගේ තිලකරත්න, කොස්තාපල් කොස්තාපල් උපුල් රංජිත් ,උප පොලිස් පරික්ෂක ඩබ්ලිව් .ආර්.විමලසිරි, උප පොලිස් පරික්ෂක ජී.කේ.විමලරත්න,සැරයන් පී.එච්.චමින්ද සැරයන් එස්.ජී.ප්‍රේමලාල්,කොස්තාපල් වයි.පි.විදානගම ,කොස්තාපල් බී.ඒ.ආර්.අසංක,පොලිස් රියදුරු එච්.එම්.එස්.ජයරත්න ,වලස්මුල්ල අඩවි වන නිලධාරි ආර්.එස්.සුවාරිස්,කොස්තාපල් අනිල් කුමාර,කොස්තාපල් රාගමුණිගේ විජිත කුමාර යන සැකකරුවන් දාහත් දෙනාවෙති.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව
විසින් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
එම පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගොස් මරා දැමිම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් පහළොස් දෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර එම මළ සිරුරු වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේ පුළුස්සා දැමිමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.
පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරික්ෂණ තවමත් අවසන් නොමැති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගැනිමට සිටින බවය.ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේය.
මෙහිදි සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කියා සිටියේ ජාන පරික්ෂණ වාර්තා තවමත් ලැබි නොමැති බවය. එනිසා රජයේ රස පරික්ෂකවරයාට සිහි කැඳවිමේ නියෝගයක් නිකුත්කරන ලෙසද නිතිඥවරු ඉල්ලා සිටියහ.
ඒ අනුව රජයේ රස පරික්ෂකවරයා වෙත සිහි කැඳවිමේ නියෝගයක් නිකුත් කිරිමටද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා කඩිනමින් විමර්ශන අවසන් කරන ලෙසට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සැරයන් අමිල (86099) යන මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවෝ තවදුරටත් රිමාන්ඩ්