(ඩී.ජී.සුගතපාල)
රත්ගම මුහුදේ දිය නාමින් සිටියදී අද (11) මුහුදේ ගසාගෙන යමින් සිටි ළමයෙකු රත්ගම පොලසියේ සැරයන්වරයෙකු බේරාගෙන ගොඩට ගෙනැවිත් කරාපිටිය රෝහලට ඇතුළත් කරතිබේ.
මෙසේ බේරාගෙන ඇත්තේ රත්ගම කන්දෙගොඩ පදිංචි 14 හැවිරිදි පිරිමි ළමයෙකි.
ඔහු තම සහෝදරයාද තවත් පිරිසක්ද සමග රත්ගම පොලිසිය අසළ මුහුදේ නාමින් සිටියදි රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇත. පසුව එහි සිටි අයෙක් පැමිණ රත්ගම සතිපොළේ රාජකාරි කරමින් සිටි සැරයන් කණකරත්න(48090) මහතාට සිද්ධිය පැවසීමෙන් පසු සැරයන්වරයා වහාම ගොස් මුහුදට පැන පිහිනා ගොස් ගසාගෙන යමින් සිටි ළමයා බේරාගෙන ගොඩට ගෙනැවිත් ඇත.
එහි පැමිණි වෛද්‍යවරයෙකුද ළමයාට ප්‍රථමාධාරදී ගිලන් රියකින් කරාපිටිය රෝහලට යවා ඇතැයි පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුහුදු රළට හසු වී ගසාගෙන ගිය දරුවකු බේරාගැනේ