(සනත් ගමගේ)
තිස්සමහාරම රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ටෙලිසිනමා ගම්මානය සිනමා කර්මාන්තයට යළි යොමු කරවීමට හැකිවන සේ සංවර්ධනය කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කීය.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ටෙලි සිනමා ගම්මානයේ අද (09) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
ටෙලිසිනමා ගම්මානයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසු අමාත්‍යවරයා ටෙලි සිනමා ගම්මානයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණයට ලක් කළේය.
පසුගිය වසර හතරක කාලය තුළදී ටෙලිසිනමා ගම්මානයේ කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු වී නැති හෙයින් සිනමා පසුබිම් තල නිර්මාණ සියල්ලම ගරාවැටී තිබෙන අයුරු රාජ්‍ය ඇමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
ඉන්දියාව සමඟ සිනමා කර්මාන්තය දියුණු කිරීම සඳහා රන්මිහිතැන්න ටෙලිසිනමා ගම්මානය ඉදිරියේ දී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් දේශීය වශයෙන් සිනමා කර්මාන්තය නගා සිටුවීමට පියවර ගන්නා බවත් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බන්ඩාර, අතිරේක ලේකම් රමණි ගුණවර්ධන, අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් නිලන්ත ගුරුසිංහ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.


2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලක්ෂ්මන් යාපා රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානයේ නිරීක්ෂණ චාරිකාව
sarojini Thursday, 09 January 2020 01:20 PM
පිස්සු ඩබල්. මේ ගම්මානය හොඳයි. ඕක ඉදි කරන්න ලණු දුන්න පිස්සෝ ටිකට ගාල් කරන්න.
ලුම්බිණි Friday, 10 January 2020 01:09 AM
මෙවැනි ටෙලි සිනමා ගම්මානයක් පිහිටවිය යුතුව තිබුනේ වියළි පරිසරයක නොව මීට වඩා අලංකාර පරිසරයක් ඇති පෙදෙසකයි.