(ශාන්ත චන්ද්‍රසිරි)
ලංකාවට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින දැඩි රක්ෂිත සතෙකු වන කොටියකුගේ දතක් තම සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගන්නා ලද පුද්ගලයකු හට රුපියල් 20,000 ක් දඩයක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (9) නියෝග කළේය.
මෙලෙස දඩ නියම වුයේ ගම්පොල, බෝවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
දිග සෙන්ටීමීටර් 3.5 කින් හා සෙන්ටිමීටර් 2.5 ක වට ප්‍රමාණයකින් සමන්විත කොටි දතක් මෙම සැකකරු විසින් තම සන්තකයේ තබාගෙන සිටියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ස්වභාවික මංපෙතට පිවිසෙන ගේට්ටුව අසලදී වනෝද්‍යාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd