(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම උයන්වත්ත වැවෙහි ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර අද(13) හමු වූ බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මිල්ලනිය පදිංචිව සිටි හෙට්ටිකංකානම්ගේ අමිල කුමාර නමැති 29 හැවිරිදි තරුණයෙකි.
එම තරුණයා මිතුරන් සයදෙනෙකු සමඟ ඊයේ(12) දහවල් වැවෙහි දියනාමින් සිටියදී අනතුර සිදුව ඇත.
තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එක් අයකු ගොඩ ගෙන බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.
අතුරුදන් වූ තරුණයා සොයාගැනීමට ප්‍රදේශවාසීන් තැත් කළද නොහැකිවී ඇත. අද පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ අතුරුදන් වූ තරුණයා සෙවීමට සූදානම් වෙමින් සිටියදී මළ සිරුර වැවෙන් උඩට මතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd