(දසුන් රාජපක්ෂ)
මිරිදිය මත්ස්‍ය වගාව නගාසිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ලබාදීමට බංගලාදේශයේ විශේෂඥ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය සඳහන් කරයි.
ලෝකයේ මිරිදිය මත්ස්‍ය වගාවෙන් වැඩිම ආදායමක් උපයන රාජ්‍යයක් වන බංගලාදේශයෙන් කළ ඉල්ලීමක් මත නොබෝ දිනකින් එම කණ්ඩායම මෙරටට පැමිණෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද අද(13) සඳහන් කළේය.
මෙම විශේෂඥ කණ්ඩායම ලංකාව වටා ක්ෂේත්‍ර චාරිකාවක නිරත වී මිරිදිය ජල මූලාශ්‍රවල තත්වය සහ එම ජලයෙහි තත්වය අනුව බහුලව බෝ කර වැඩි ලාභයක් උපයිය හැකි මත්ස්‍යයන් පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට සැලසුම් කර තිබෙන බවද ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා පැවසීය.
මත්ස්‍ය වගාව ගෙවතු වගාවක් ලෙස කාන්තාවන් අතර ප්‍රචලිත කිරීම සඳහා උතුරුමැද, වයඹ, නැගෙනහිර සහ උතුරු පළාත් කේන්ද්‍රකරගෙන එම තාක්ෂණික කණ්ඩායම පුහුණු වැඩමුළු පැවැත්වීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දැන් බංගලාදේශ් වලිනුත් මත්ස්‍ය වගාවට උපදෙස් ගන්න රටක් වෙලා. කෝ අපේ සාගර හා ජලජ විශ්වවිද්‍යාලය ? කෝ එකේ පර්යේෂණ ?