(නිශාන්ත කුමාර)
ගිරාඳුරුකෝට්ට පොලිස් වසමට අයත් දිවුලපැලැස්ස ප්‍රදේශයේ දොළ පාරක දිය කදුරක නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකර ට්‍රැක්ටරයකට පටවමින් සිටි පුද්ගලයකු ට්‍රැක්ටරය ද සමඟ අද (13) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දිවුලපැලැස්ස ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 පුද්ගලයෙකි.
පොලීසිය වෙත ලද තොරතුරක් මත එහි ගිය පොලීසිය වැලි කැනීම් සිදුකර ට්‍රැක්ටරය පටවමින් සිටි සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සහ ට්‍රැක්ටරය අද (13) මහියංගන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd