IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා 4කට නඩු

(රංජිත් රාජපක්ෂ)       
             
හැටන්, කොටගල අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා 4ක් සහ වෙළ‍ඳසැලක් පවත්වාගෙන ගිය සිව්දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට අද(13) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
 
කොටගල සෞඛ්‍යය වෛද්‍ය අධිකාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල අපිරිසිදුව පවත්වාගෙන යන ආපනශාලා සහ වෙළඳසැල් හිමිකරුවන් නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු මෙම පරීක්ෂාව කළහ.
 
අවහන්හල් 4කට අමතරව, ඩෙංගු මදුරු කීටයන් බෝවන ආකාරයට සහ මහජන පීඩාවක් වන ආකාරයට පවත්වාගෙන ගිය අබලි ද්‍රව්‍ය එකතු කරන වෙළඳසැලක ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.
 
කොටගල නගරයේ තවත් ආපනශාලා කිහිපයක පවතින අඩුපාඩුකම් සපුරාලීමට එම ආපනශාලා හිමියන්ට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් දින 14 ක කාලයක් ලබා දුන් අතර, එම කාලය තුළ අදාල අඩුපාඩුකම් සපුරා නොගන්නා ආපනශාලා හිමියන්ට එරෙහිව නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව වැටලීම කළ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු කියා සිටියහ.

 



අදහස් (0)

අපිරිසිදුව පවත්වාගෙන ගිය ආපනශාලා 4කට නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site