( ඔගස්ටින් ප්‍රනාන්දු )
කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් ගල්මුරුව වලව්ව අසළ දි අද (13) පමණ පාරෙන් ඉවතට අසළ වු තාප්පයක ගැටී වූ අනතුරින් යතුරු පැදියේ ආ පුද්ගලයා එම ස්ථානයේ දි ම මිය ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පහළ කොස්වත්තේ විසු දිසානායක මුදියන්සේලාගේ සංජීව උදය කුමාර දිසානායක ( 41) නමැති විවාහකයෙකි.
මිය ගිය කුලියාපිටිය ප්‍රදේශයේ ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු ලෙසින් සේවය කරන බවත් ආරක්ෂක සේවාව අවසන් කර අද ( 13) අලුයම එම ආයතනයෙන් පිටත්ව තම නිවෙස බලා සිය යතුරුපැදියෙන් එන අතර ගල්මුරුවේ දි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අසල නිවෙසක් වටා ඉදි කර තිබු තාප්පයක ගැටී ගැටී බරපතල ලෙසින් තුවාල ලබා අනතුර සිදුවූ ස්ථානයේ දි මිය ගොස් ඇති බවත් පොලිසිය කියයි.
මිය ගිය අය රාත්‍රි සේවා මුරයේ යෙදි සිට එන අතර හදිසියේම ගමනේ යෙදි සිටිය දි නින්ද යාම නිසා මෙම අනතුර වන්නට ඇති බවට සැකයක් ඇති බවත් මෘත දේහය හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ගෙන ගොස් මරණ පරීක්ෂණ කටයුතු කිරීමට නියමිත බවත් කියයි.
මාදම්පේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
26
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
874
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තාප්පයක ගැටුණු යතුරුපැදිකරු මරුට