(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රවීන්ද්‍ර ලියනගේ)
වෙන්නප්පුව බෝලවත්ත උතුරු කම්මල ප්‍රදේශයේ මල් පැළ තවානක් පවත්වාගෙන යන මුවාවෙන් රහසිගතව කංසා පැළ වගාකළ දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පෞද්ගලික ඉඩමක කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් තිබූ මෙම වගාවේ, කංසා ගස් 463ක් සහ පැළ 325ක් තිබූ බව එම නිලධාරීහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ලද තොරතුරක් මත මෙම ස්ථානය වැටලීමේදී එහි සේවය කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කංසා ගස් තොගය වෙන්නප්පුව පොලිසියට භාරදීමට නියමිතය.





COMMENTS
ඇත්තටම අපි බොහෝ දෙනෙක් කංසා ශාකය අඳුනන්නේ නැහැ. මමනම් දන්නේ නැහැ. ඉතින් අපේ ගෙවත්තක අහම්බෙල් හැර පැලයක් හැදුනොත් හඳුනාගන්නේ කොහොමද? මෙයනම් මහා පරිමාණ වගාවක් බව පැහැදිලියි.