IMG-LOGO

එළවළු මිල අඩුකරන්න බෑ

 (බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

එළවළු මිල අඩුකළ නොහැකි බවත් සමනළ වැව ව්‍යාපෘතිය නිසා වගාබිම් යටවී ගිය බවත් ඉදිරියේ තම රාජ්‍ය අලෙවි අංශයක් ඇතිකර නිෂ්පාදකයාට හා පාරිභෝගියකාට සාධාරණය ඉටුකරන බවත් ජලසම්පාදන හා ජලාපවහන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කීය.

ඔහු එසේ පැවසූයේ අතරමග වැඩ නැවතී තිබෙන බෙලිහුල්ඔය ජල ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමට පැවති අවස්ථාවේදීය.  

වසර දෙකකට පෙර  ලෝක බැංකු ආධාර යටතේ බෙලිහුල්ඔය ඇරඹි ජල ව්‍යාපාතිය  මේ වනවිට අතර මග නැවතීම හේතුවෙන් ඒ පිළබඳව නිරීක්ෂණයට ජල සම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා අද (12 වැනිදා) පඹහින්නට පැමිණියේය.

2017 වසරේ නොවැම්බර් මාසයේදී දේශීය සමාගමක් හා චීන සමාගමක් එක්ව  ඇරඹූ එම ජල ව්‍යාපෘතිය  2019   නොවැම්බර් වනවිට අවසන් කිරීමටසැලසුම්කර තිබුණි. කෙසේවෙතත්  ඩොලරයේ වැඩිවීමත් සමග එම ව්‍යාපෘතියට වෙන්කළ ප්‍රතිපාදන අතරමග ඇණහිට ඇත.  ඉඹුල්පේ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිංචිගුණේ, මුත්තෙට්ටුවේගම, කුඹල්ගම, පුවක්ගහවෙළ  ග්‍රාමසේවා වසම්වල  නිවාස 2000 ක් සහ  සබරගමු විශ්ව විද්‍යාලයට ජල සැපයුම  මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මේ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද (12) එහි පැමිණියේය. බළංගොඩ පොදුජන පෙරමුණු සංවිධායක  බළංගොඩ නාගරික මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල, බළංගොඩ ප්‍රාදේශිය සභාපති සුනිල් ප්‍රේමසිරි  ප්‍රාදේශිය සභාපති ශ්‍රී ලාල් සෙනරත්, උප සභාපතිවරු හා මන්ත්‍රීවරු  මෙන්ම  ප්‍රදේශවාසීහු ද එම අවස්ථාවට එක්වූහ. බළංගොඩ ජල ව්‍යාපෘතියේ පළමු සැලැස්ම යටතේ සමනලවත්ත, බෝවත්ත, තැන්න, හොරකැටිය ඇතුළු තවත් ප්‍රදේශ කීපයක් ඊට අතුළත් කර නොමැති  බව අකිල එල්ලාවල හා  බළංගොඩ ප්‍රාදේශීය සභාපති සුනිල් ප්‍රේමසිරි යන මහත්වරු   අමාත්‍යාවරයාට පෙන්වා දුන්හ.  ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති  දිස්ත්‍රික් කළමනාකාර එස්.පී. ගමගේ මහතා ව්‍යාපෘතිය සම්බන්ධයෙන්  පවතින තත්වය  පහැදිලි කළ අතර 70% අවසන් කර ඇති බව  පැවසීය.

 ඉඹුල්පේ   ප්‍රාදේශීය සභා සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අදහස් දක්වමින් නන්පේරියල් ඉහළ කොටසේ හිරිකටු ඔය ඔස්සේ ජලය ලබා ගන්නා බැවින් ඔයේ පහළ ජනතාවගේ ජල ගැටලුවලට මුහුණ පා ඇති බවත් කලින් සභාවට අයත්ව තිබූ සබරගමුව විශ්ව විද්‍යාලයට ලබාගෙන ඇති  ජල ප්‍රවාහය ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවට පවරා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඉන්දික ජයමාන්න, වසන්ත බන්දුසේන, වසන්ත ගුණරත්න යන ප්‍රාදේශීය සභා හා නාගරික මන්ත්‍රීවරු සිය බල  ප්‍රදේශවල පවතින අඩුපාඩු පිළිබඳව ගොවි ජනතාවට අති ගැටලු සම්බන්ධයෙන්ද දැනුම් දුන්හ.

 මේ  සම්බන්ධව  සම්පාදන හා ජලාපවාහන රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා කීවේ  “පඹහින්න ජල යෝජනා ක්‍රමයේ අරමුණ එක් පැත්තකින් විශ්ව විද්‍යාලයට ජලය සැපයීමත් අනෙක් පසින් ගම්මාන  10 කට පමණ ජලය සැපයීම බවයි.  මේ වනවිට මෙම ව්‍යාපෘතියේ කටයුතු පමා වෙමින් තියනවා. ඊට හේතුව වී තිබෙන්නේ  පිටරටින් ගෙන්විය යුතු භාණ්ඩ සඳහා ගෙවිය යුතු   මිල වැඩිවුණා. රුපියල අවප්‍රමාණ වීම නිසා. වැඩිපුර ගෙවිය යුතු මුදල රජයෙන් නොලැබෙන නිසා එම ගෙවීම් කළ නොහැකිවීම මත මෙය  ප්‍රමාදවී තිබෙණවා. මන්දගාමීවි තිබෙණවා. මේ සඳහා වන ආණ්ඩුවේ අනුමැතිය ලබන සතිය තුළ ලබා දෙනවා. මාර්තු අප්‍රියෙල් වෙන විට වැඩ සම්පූර්ණව මැයි ජූනි වන විට ජලය සැපයිය හැකි වෙයි කියල කිවහැකියි. ගොවිතැනින් ජීවත්වුණු පිරිසගේ ගොවිතැන් විශාල හානියකට ලක්ව තිබෙනවා. හිරිකටු ඔයේ ජලය ගැනීමට දැනට යම් යම් පිරිස් ගන්නා වූ පියවර සම්බන්ධව පාලනයක් ඇති කර ගොවීන්ට ලැබෙන ආකාරයට සභාව ලවා කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මෙම ජල ව්‍යාපෘතිය හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවයි කටයුතු කර කරගෙන යනවා. බලංගොඩ ජලයෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා.   මීට අපට අවශ්‍ය වී තිබෙනවා  මූල්‍ය ප්‍රතිපාදනයක් මේ මුල්‍ය ප්‍රතිපාදනයක් ලබා ගැනීමත් සමග එම වැඩ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. විසිහතර දහසකට පමණ ජලය ලබාදීමට පුළුවන් වෙනවා. එමගින් වැලිගෙපොල දක්වා එම ජල ව්‍යාපෘතිය මගින් කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට මේ සම්බන්ධයෙන්යෙන් කොරියන් සමාගමක්   නිරීක්ෂණය කරමින් ඉන්නවා. මෙහි සක්‍යතා වාර්තාවෙන් අනතුරුව වැඩ අරඹනවා. කොරියානු  සමාගම මෙම ව්‍යාපෘතිය අරඹනවා. හොඳ තාක්ෂණයක් තියෙන    ජාත්‍යන්තර වටිනාකම්ක් ඇති සමාගමක්. වාර්තාව ඉක්මනින්   ලැබුණ පසු ජල සම්පාදන මණ්ඩලය සහ කොරියානු සමාගම ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව එය ක්‍රියාත්මක වනවා. මෙම  ව්‍යාපෘතිය සඳහා මගේ දැනුමේ හැටියට අවුරුද්දක් හමාරක්  යයි. මෙම ව්‍යාපෘතිය අවසන් වන  විට මුළු බලන්ගොඩ වැලිගෙපොල ජල අවශ්‍යතා ඉටුවෙනවා එය දිගු කාලීන වැඩක්. අපි කවදාවත් එළලා තියන ජල නළ උඩ ගෙවල් හදා හදන්නේ නෑ. යම් තැනක පැමිණිල්ලක් ආවා එළල තියන ජල නල උඩින් ප්‍රජා ජල ව්‍යාපෘති අතර නිවෙස් ඉදිකිරීම සම්බන්ධව. ගෙවල් හදලා එම ව්‍යාපෘති විනාශ වී තිබෙනවා. පහුගිය ආණ්ඩුවේ එම වැඩ නිසා අද අලුතෙන් ජල නළ එළීමට සිදුව තිබෙනවා. අද ගෙවල් කඩන්නත් බෑ. අලුතෙන් ජන නළ එළන්න මුදලුත් නෑ. එහිදී මාධ්‍යවේදීන් මේ දිනවල පවතින තත්වය ගැන විමසූවිට අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

“ මේ දවස් වල තියෙන උණුසුම් පුවත් තමයි රංජන් රාමනායක. ඔහුගේ හඬ පට වලින් ඉදිරිපත් වන මොනවා හරි තිබේ නම් ඒවා අදාළ අයට ඉදිරිපත් කිරීමයි අපගේ වගකීම. ඒවා පිළිබඳ විනය  පරීක්ෂණ කරගෙන යනවා. අධිකරණයට අදාළ ඒවා සියල්ල අග්‍ර විනිශ්චයකාරවරයාට යොමු කරනවා. එතුමා ඒ ගැන හොයලා බලනවා අපට අධිකරණය පිළිබඳව තියෙන විශ්වාසය ඔය හඬ පටය නිසා නැතිවෙලා නැහැ. සමහර  විනිශ්චයකාරවරුන් දෙන්නා තුන් දෙනා  හඬපටයට අසුවෙලා ඇති. ඒ   අය කොහොමද ඒ සංවාදයට සම්බන්ධ වුණේ කියන එක අග්‍ර විනිශ්චයකාරවරයා  බලාගත්තාවේ. එතුමාට එහි බලය පැවරෙන්නේ. නමුත් අධිකරණය පිළිබඳව ඇති අපේ විශ්වාසය කෙසේ වත් අපි බුරුල් කරන්නේ නැහැ.

එළවළු මිල සම්බන්ධයෙන් නැඟූ පැනයට පිළිතුරු සපයමින් “ එළවළු මිල අඩු කරන්න බැහැ.   ඉස්සර මේ  ප්‍රදේශයේ උඩරට එළවළු වැව්වා.  අපේ එළවළු වගාව නැවතිලා මේ  සමනල වැව ව්‍යාපෘතිය නිසා. සමනල වැව හදනකොට මේ ඔක්කොම යටවෙලා ගියා. එනිසා  බෝංචි ඇතුළු උඩරට එළවළු ප්‍රමාණයක් නැති වෙලා ගියා. එනිසා හැම එළවළුවකම ගාන වැඩි වුණා .එළවලු මිල අඩු වීමට නම් එළවළු සැපයුම වැඩි විය යුතුයි. එක්කෝ පහතරට එළවළු, මැදරට එළවළු,    උඩරට එළවළු ආයෙමත් වෙළඳ පොළට එන්න ඕනෑ. ඉදිරි කාලයේ දී ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා  අලෙවි  අංශයක් දමන්නට ඉස්සර තිබුණ අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුව වගේ. එමගින් ගොවියාට සාධාරණ මිලදී ලබාගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරනවා. ඒ අනුව වෙළෙඳ දෙපාර්තමේන්තුව අලෙවි දෙපාර්තමේන්තුව තමන්ගේ වෑන් රථ අරගෙන හැම පොළකටම යනවා. ඒක අපේ අනාගත වැඩපිළිවෙළ ඒ අනුව එළවළු මිල සම්බන්ධව තරගකාරී ආයතනයෙන් හදනවා. එවිට   එළවළු තොග වෙළෙන්ඳන්ටත් අතර මැදියන්ටත් මේ ගන්නා  ලාබය ගන්න බැරි වෙයි. පරිභෝගිකයාට හා නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලැබෙයි.”

   ජල බිල්පත් සම්බන්ධයෙන් විමසීමේදී මෙසේ කීය. ජල බිල වැඩි වන්නේ නෑ.‘‘ යැයි කීය.



අදහස් (4)

එළවළු මිල අඩුකරන්න බෑ

samitha Sunday, 12 January 2020 05:13 PM

අපිට පතෝල, නිවිති, වැටකොළු කන්න කියලා පාර්ලිමේන්තුවේ " පින් " බත් එක රුපියල් 20 ට ( මේ පින් බතේ ඇත්ත මිල රුපියල් 2000 ටත් වැඩියි ) කාලා රටටම වැදි බන දෙසාබානවා.

:       0       0

ලුම්බිණි Sunday, 12 January 2020 11:14 PM

දැන් නම් හොඳටම අවුල් වගේ.

:       0       0

mahinda Monday, 13 January 2020 01:56 AM

ඒකාබද්දේ ඉන්න කොටනම් ඕව කරන්න පුළුවන් කියපු කට්ටිය දැන් බැරිලු ,

:       0       0

හිඳුරංගල පාල Sunday, 19 January 2020 01:20 AM

සමනළ වැව සකස් කළේ 1994 මහමැතිවරණයට පෙර පැවති රජය කාලේ කියල කියන්නේ අපිත් එහි වැඩකටයුතු බලන්න 1990 කාලයේ එහි ගිය නිසාය.එලවළු මිල වැඩිවුනේ ඒ නිසානම් 2019.11.16 දක්වාම අඩුමිළට එලවළු තිබුනේ කොහොමද යාළුවා ? කොහොමත් තමුන්ගේ කියන ආසනයේ ප්‍රධාන නගරයේ තරම් වෙන කොහේවත් එලවළු මිළ වැඩි වෙනත් තැනක් ඇත්තේම නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 222 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 112 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1721 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site