IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි දර්ගා නගරයේ විරෝධතාවක්

( තුසිත කුමාර ද සිල්වා)

දර්ගා නගරයේ පිහිටි   මුස්ලිම් විදුහලේ විදුහල්පතිවරයාට එම පාසලෙන් ඉවත්වන ලෙස බල කරමින් පාසලේ දෙමව්පියන් විශාල පිරිසක් අද(13) පාසල් ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයකනිරත වූහ.

එම උද්ඝෝෂණයට පාසල් දරුවන්ගේ මව්වරුන් මෙන්ම පියවරුන් ඇතුළු ආදී සිසුන්, ප්‍රදේශවාසීන් විශාල  පිරිසක් එක හඬින් කියා සිටියේ පාසලේ අධ්‍යාපන කටයුතු වල පරිපාලන දුර්වලතා සිදුකරන විදුහල්පතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින බවත් විදුහල්පතිවරයා ඉවත් වන තුරුම උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වන බවත්ය.

 පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් මුදල් එකතු කරමින් , හිතුවක්කාරී පාලනයක් හා විදුහල්පතිවරයාට පක්ෂපාතී සුළු පිරිසකට පමණක් එක හැන්දකින් ද ,අනෙක් පාර්ශවයට තවත් හැන්දකින් ද බෙදන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බවත් ,පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් නොසලකා විදුහල්පතිවරයා සුපිරි  නානකාමරයක් සාදා ගෙන භුක්ති විඳින බවත්, මේ හේතූන් නිසා පාසල් දරු දැරියන් 1700ක් පමණ දැඩි පීඩනයට පත්ව සිටින බවත් ඔවුහු වැඩිදුරටත් පැවසීය.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා වලින් සැකසූ පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස උද්ඝෝෂණය නිරතවූහ. ජනාධිපතිවරයා ගේ රුව සහිත පුවරු වල" ජනාධිපතිතුමනි අපේ පාසල ආරක්ෂා කර දෙන්න ", "වගකිවයුත්තන්ගේ හෘදසාක්ෂිය වද දෙන්නෙ නැද්ද?", "විදුහල්පති පාසලෙන් වහා ඉවත් කරනු.",  "විදුහල්පති තුමනි ළමයින්ගේ අනාගතය අඳුරු නොකර වහා ඉවත් වෙනු" ,  "විදුහල්පති සැපසේ පාසල වැනසේ" ,  "අවුරුදු 130ක ඉතිහාසය  රැකගනිමු"  වැනි පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.

මේ පිළිබඳ තීරණයක් ලබා දීම සඳහා අද(13) කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටුව හමුවට දෙමව්පියන් හයදෙනකු කැඳවා ඇතැයි කළුතර කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කරයි .



අදහස් (0)

විදුහල්පතිවරයෙක් ඉවත් කරන්නැයි දර්ගා නගරයේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site