පොලිසියේ සිටි පුතාට ගංජා ගෙන ගිය මව අත්අඩංගුවට ගාල්ල නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි, ගංජා ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකුට උදෑසන ආහාර සමඟ කේරළ ගංජා කැබැල්ලක් රැගෙන ගිය ඔහුගේ මව අද(28) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 28 August 2020
ඇල්ල හිඹිලියගොල්ලේ නිධන් වස්තු සෙවූ 6දෙනෙකු දැලේ ඇල්ල හිඹිලියගොල්ල ප්‍රදේශයේ නිධන් වස්තු සෙවීම සඳහා බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් නිධන් හාරමින් සිටි පුද්ගලයින් 6දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය. 28 August 2020
කත දූෂණය කර පලා ගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ මහියංගණය, වේවත්ත ගම්මානයේ නිවසකට ඇතුළු වී හුදකලාව ජීවත්වූ 72 හැවිරිදි කාන්තාවක් දූෂණය කර පුද්ගලයකු පළා ගොස් ඇතැයි මහියංගණය පොලිසිය පවසයි. 28 August 2020
වෙළඳසැල් 09 ක් කොල්ලා කා පලාගිය අයෙක් අත්අඩංගුවට එකම දින වෙළඳසැල් 09 ක් සහ නීතිඥ කාර්යාල 03 ක් කොල්ල කා පලාගිය සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලිසිය කියයි. 27 August 2020
ගංජා - ටී 56 උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට නාගොඩ මාපලගම ප්‍රදේශයේදී ගංජා මිලි ග්‍රෑම් 500 ක් , කඩු දෙකක් , ටී 56 ජීව උණ්ඩ දෙකක් හා ටී 56 හිස් පතුරම් කොපු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පැවසීය. 27 August 2020
දායාසිරි කඳවල අත්යන්ත්‍ර පුහුණු පාසල බලන්න යයි බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රත්මලාන කඳවල පිහිටි අත්යන්ත්‍ර පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවක අද (27) නිරත විය. 27 August 2020
හෙරොයින් සමඟ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට වැලිකඩ පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරයෙකු හෙරොයින් ග්‍රෑම් 09 ක් සහ අයිස් මිලිග්‍රෑම් 400 ක් සමඟ අද (27) අත්අඩංගුවට ගත්බව දමන පොලිසිය පැවසීය. 27 August 2020
කරදියාන කසළ අංගනයට නොදිරන අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීමේ මධ්‍යස්ථානයක් මාසයක් තුළදී ප්‍රතිචක්‍රීකරණයට ගත හැකි නොදිරන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ටොන් 10ක් කරදියාන කසළ අංගනයට මුදාහැරීම වළකාලමින් එම කසළ වෙනම එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ’සම්පත් පියස’ නමින් කරදියාන කසළ අංගන පරිශ්‍රයේ අද(27) ආරම්භ කෙරිණි. 27 August 2020
යතුරුපැදි අනතුරින් සිසුවෙක් මරුට රත්මල්ගහවැව,හොරොව්පොතාන මාර්ගයේ කිරලාගල වංගුවේදි සිදුවු යතුරු පැදි අනතුරකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු අද (27) මියගිය බව හොරොව්පොතාන පොලිසිය කියයි. 27 August 2020
ඉන්දියාවෙන් එන කේරළ ගංජා බෙදූ ප්‍රබලයන් දෙදෙනෙකු දැලේ ඉන්දියාවේ සිට උතුරට රැගෙන එන ලද කේරළ ගංජා දිවයිනේ වෙනත් ප්‍රදේශ වෙත ප්‍රවාහනය කරන ප්‍රබල ජාවාරම්කරුවන් දෙදෙනෙකු කේරළ ගංජා තොගයක් ද සමග අද (27) වන්නි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීහු අත්අඩංගුවට ගත්හ. 27 August 2020
ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන්නැයි ඉල්ලා විරෝධතාවක් මධ්‍යම පළාත් සභාව විසින් 2015 වසරේ වතුකරයේ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා බඳවා ගත් ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස බලකරමින් ගුරුවරු පිරිසක් අද(27) නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ. 27 August 2020
භාවිතයට නුසුදුසු ආලේපන තොගයක් ගාල්ලෙන් සොයාගනී පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් අම්බලන්ගොඩ නගරයේ සිදු කළ වෙළඳසල් පරික්ෂාවකදී ආනයනයකරුගේ නම සහ ලිපිනයද බර හෝ පරිමාව ද නොමැති රසදිය සීමාව ඉක්මවු ආලේපනයට නුසුදුසු සමේ ආලේප කරන ක්‍රිම් වර්ග සහ දියර වර්ගරැසක් වෙළඳසලක තිබියදී අත් අඩංගුවට ගෙන ඇත. 27 August 2020
නළ ළිඳක් ගලවා ගෙන ගිය තුනක් අල්ලයි කටුගස්තොට පහළ කොණඩදෙණිය ප්‍රදේශයේ පිහිටි ජල සම්පත් මණ්ඩලයට අයත් ඉඩමක ඉදි කර තිබූ අඩි අසූවක් පමණ ගැඹුරකින් යුත් නළ ළිඳක් ගලවා එයට සවි කර තිබූ යකඩ බට සහ විදුලි මෝටරය සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට පොලිසිය විසින් අද (27) අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 27 August 2020
උකුවෙල ජනතාවට ප්‍රා.ලේ. කාර්යාලයෙන් නිවේදනයක් උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නිවාස ආධාර ලබා දෙන පවසමින් ජනතාව රවටා වංචනික ලෙස මුදල් එකතු කරන කණ්ඩායමක් පිළිබදව වාර්තා වි ඇති බවත් එම වංචනික පුද්ගලයින්ට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 27 August 2020
යතුරු පැදි අනතුරකින් පුද්ගලයෙක් මරුට නාමල්ඔය වැවේ සොරොව්ව අසලදී අද (26) යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එහි පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉගිනියාගල පොලිසිය පවසයි. 26 August 2020
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ හේනක තිබූ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (26) අත්අඩංගුවට ගත්බව හම්බන්තොට පොලිසිය පැවසීය. 26 August 2020
හෙරොයින් සමඟ තිදෙනෙක් මහියංගනයේදී පොලිස් දැලේ මහියංගනය පූජා නගරය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 720 ක් සමඟ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පැවසීය. 26 August 2020
දිවි අහිමි කරගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනේ රාජාංගනය ජලාශයට පැන දිවි අහිමි කර ගැනීමට උත්සහ කළ තරුණියකගේ දිවි බේරාගැනීමට රාජාංගනය ජලාශයේ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් අද (26) සමත් වී තිබේ. 26 August 2020
දැඩි නියඟයෙන් මඩකලපුවේ 64761 දෙනෙකු පීඩාවට මඩකලපුව දිස්ත්‍රික්කයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් පවුල් 23,335ක 64,761 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික්කයේ ආපදා සහන සේවා නිලධාරි ආර්. සිවනාන්දන් මහතා පැවසීය. 26 August 2020
රත්නපුරට නව රථවාහන සැලැස්මක් රත්නපුර වෙරළුප සිට මොරගහයට හන්දිය දක්වා වාහන ගමනාගමනය, රත්නපුර සිට කොළඹ දෙසට පමණක් සීමා කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්‍රධාන ඉංජිනේරුවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 26 August 2020
දෙබරු ඇනීමෙන් අයෙක් රෝහලේ දෙබරුන් 50 අධික සංඛ්‍යාවක් ඇනීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් පුද්ගලයෙකු අද (26) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 26 August 2020
ගින්නකින් කඩ කාමර තුනක් විනාශයි රන්න ආනන්දාරාම විහාර මං සන්ධිය ආසන්නයේ ඇති කඩ කාමර තුනක් අද (26)පෙරවරුවේ දී ගිනි ගිනිගැනීමෙන් දැඩි අලාභ හානි සිදු වී තිබිණි. 26 August 2020
ගින්නකින් ලී මෝලක් විනාශයි මඩකලපුව කාත්තන්කුඩි හි අද(26) උදෑසන ඇතිවූ ගින්නකින් ලී මෝලක් මුළුමනින්ම ගිනිබත් වී විනාශ වී ඇත. කෝටි දෙකක පමණ වටිනාකමක් ඇති දැව තොගයක් විනාශ වී ගොස් ඇතැයි හිමිකරු කීය. 26 August 2020
බදුල්ල කතරගම දේවාලයේ කුඹල් පෙරහැර ඇරැඹේ බදුල්ල කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය අද (25) ආරම්භ විය. 25 August 2020
රාජ්‍ය ඇමැති ඩී.වී.චානක ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (25) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 25 August 2020
මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25) සිට කටයුතු ආරම්භ කර තිබේ. 25 August 2020
කර්මාන්ත ඇමැති විමල් පාවහන් සල්පිල විවෘත කරයි කර්මාන්ත අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ’ගන්න අපේ දේ’ පාවහන් සල්පිල අද (25) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. 25 August 2020
හැටන් පාසලක විදුහල්පති මාරුකරන්නැයි මව්පියවරු විරෝධයේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන විද්‍යාලයක විදුහල්පතිවරයා මාරු කරන ලෙස බලකරමින් එම පාසලේ සිසු සිසුවියන්ගේ මව්පියවරු පිරිසක් අද (25) පාසල ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ. 25 August 2020
හම්බෙගමුව රක්ෂිතයෙන් ගංජා හේන් තුනක් වටලයි හම්බෙගමුව අන්නාසිගල වැව් රක්ෂිතයේ සිදුකළ විශේෂ වැටලීමකදී එහි පවත්වාගෙන ගිය ගංජා හේන් තුනක් සොයා ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහූ අද (25) සමත්වූහ. 25 August 2020
දැරියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට දා හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බව කියන 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඇදගල ප්‍රදේශයේදි අත් අඩංගුවට ගත්බව එප්පාවල පොලිසිය කියයි. 25 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025