
(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම පළාත් සභාව විසින් 2015 වසරේ වතුකරයේ පාසල්වල අධ්‍යාපන කටයුතු සඳහා බඳවා ගත් ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස බලකරමින් ගුරුවරු පිරිසක් අද(27) නුවරඑළිය නගරයේ තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
මධ්‍යම පළාතේ වතු පාසල්වල ගුරු පුරප්පාඩු පැවති නිසා රුපියල් 6,000 සහ රුපියල් 10,000 මාසික දීමනාවක් යටතේ මෙම ගුරු සහයකවරුන් වතුකරයේ පාසල්වලට අනුයුක්ත කර තිබුණි.
එසේ අනුයුක්ත කර සිටි සහයක ගුරුවරුන් අතරින් ගුරුවරුන් කිහිපදෙනෙකුගේ සේවය පමණක් මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ස්ථිර කර ඇති බවත්, තවත් විශාල පිරිසක් ස්ථිර කිරීමට ඇති බැවින් එම පිරිසටද කඩිනමින් ගුරු සේවයේ ස්ථිර පත්වීම් ලබාදෙන ලෙසත් බල කරමින් ගුරු සහයකවරු පිරිස උද්ඝෝෂණයේ යෙදුණහ.

2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන්නැයි ඉල්ලා විරෝධතාවක්