
(රේඛා තරංගනී ෆොන්සේකා)
මාසයක් තුළදී ප්‍රතිචක්‍රීකරණයට ගත හැකි නොදිරන ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය ටොන් 10ක් කරදියාන කසළ අංගනයට මුදාහැරීම වළකාලමින් එම කසළ වෙනම එකතු කිරීමේ මධ්‍යස්ථානයක් 'සම්පත් පියස' නමින් කරදියාන කසළ අංගන පරිශ්‍රයේ අද(27) ආරම්භ කෙරිණි.
ජනාකීර්ණ වූ කලාපයේ ජනතාව එදිනෙදා ඉවතලන නොදිරන අපද්‍රව්‍ය කසළ කන්දට එකතුවීම වළක්වාලමින් මෙම සම්පත් පියසට බාරගැනීම තුළින් විධිමත් ආකාරයට කසළ කළමනාකරණය කිරීමට හැකිවන බව කළමනාකාර ධනුක විජේරත්න මහතා අප හා පැවසීය.
ජනතාව උදෑසන රැකියාවට යන අතරතුර දී කුණු මලු මාර්ගය දෙපස වේරැස් ගඟ ඉවුර කලාපයට මුදාහරින බවත්, එයින් පරිසරයට වන හානිය අතිමහත් බවත් පවසන ඒ මහතා මෙය පාලනය කිරීමට මෙමගින් හැකිවනු ඇතැයි වැඩිදුරටත් පැවසීය.
එම කසළ මේ වනවිටත් මිහිසරු කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදවා ගන්නා බව සඳහන් කරන ඒ මහතා ප්‍රතිචක්‍රීකරණයට යෙදවිය හැකි ප්ලාස්ටික් වැනි නොදිරන අපද්‍රව්‍ය සඳහා මෙය කදිම විසඳුමක් වේ යැයි තමා අදහස් කරන බව ද ඒ මහතා පැවැසීය
කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කළමනාකරු ධනුක විජේරත්න මහතාගේ අදහසකට අනුව, සහකාර කළමනාකරු චින්තක උදය හා ක්ෂේත්‍ර සහකාර මධුර කුමාර මහතාගේ මෙහෙයවීම මත, ආරම්භ කරනු ලැබූ මෙම සම්පත් පියස බස්නානාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ.


2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරදියාන කසළ අංගනයට නොදිරන අපද්‍රව්‍ය එකතුවීම වැළැක්වීමේ මධ්‍යස්ථානයක්