
(දිලිප් ජයසේකර)
හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ හේනක තිබූ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (26) අත්අඩංගුවට ගත්බව හම්බන්තොට පොලිසිය පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ගොන්නොරුව පාරේ 6 කණුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
බදගිරිය වැව අසල පවත්වාගෙන යන වගාවක පිහිටි හේනක විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇති බවට ලද තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් මෙම ස්ථානය පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී පොලිතින් උරයක ඔතා සඟවා තිබූ බෝර 12 වර්ගයේ තුවක්කුවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ සිය පියාට අයත් මෙම ගිනි අවිය වගාව වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට හා තමන්ගේ ආරක්ෂාවට ලඟ තබාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය වැඩිදුර පරීක්ෂණ සඳහා හම්බන්තොට පොලිසියට බාර දී තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.