අකුණුසැර වැදී කාන්තාවක් මරුට සිය සැමියා සමඟ කුඹුරේ වී අස්වනු නෙළමින් සිටි 43 හැවිරිදි තිදරු මවක අකුණුසැර වැදීමකින් මරුමුවට පත්වී ඇතැයි මින්නේරිය පොලීසිය කියයි. 01 September 2020
ගනිකා නිවාසයක් වටලා දෙදෙනකු අත්අඩංගුවට ලැගුම්හළක් පවත්වා ගෙන යන මුවාවෙන් බණ්ඩාරවෙල අලුත්වෙල උතුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනකු අද (1) සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි . 01 September 2020
බදුල්ලට දැඩි සුළං තත්ත්වයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස රැසකට අද (1) සුළු ප්‍රමාණයේ හානි සිදු වී ඇතැයි ද එය හදිසි ආපදා තත්ත්වයක් නොවන බවද බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා පැවසීය 01 September 2020
හම්බේගමුවට අයිස් වැස්සක් හම්බේගමුව කොටවෙහර මංකඩ මහානෙතුල ප්‍රදේශයට අද (31) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති. 31 August 2020
බදුල්ල මහියංගන මාර්ගයේ ගමනා ගමනයට බාධා රිදීමාලියද්ද කුරුවිතැන්න ප්‍රදේශය හරහා අද (31) හමාගිය දැඩි සුළඟකින් බදුල්ල මහියංගන මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් වාහන ගමනා ගමන කටයුතු වලට බාධා එල්ලවී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 31 August 2020
මානසික රෝගීන් රෝහල්ගත කිරීමටත් සුව සැරියේ සහය මානසික රෝගවලින් පෙලෙන්නන් හදිසියේ රෝහල්ගත කිරීමට සිදුවන විටදී සුවසැරිය (1990) ගිලන් රථ සේවාවේ සේවය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පැවසීය. 31 August 2020
ව්‍යාජ නෝට්ටු සමඟ දෙදෙනකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 වටිනාකමින් යුතු රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 200 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රන්න උඩයාල ප්‍රදේශයේ දී අද (31) අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සමත් වූහ. 31 August 2020
ඉඩමක අයිතිය ඉල්ලා පවුලක් පාරට බසිති හෝටලයක් ඉදිකිරිමට අසාධාරණ ලෙස ලබාගත් සිය ඉඩම යළි ලබා දෙන්නැයි ඉල්ලමින් ලුණුගම්වෙහෙර, සීනිමුල්ල, ස්පිල් ගම්මානයේ පදිංචි දරු පවුලක් දින 08ක් තිස්සේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. 31 August 2020
බඹරු නිසා වැලින්ටන් වත්තේ දෛනික වැඩ නවතී හැටන් කොටගල යුනිෆිල්ඩ් තේ වත්තේ වැලින්ටන් කොටසේ දෛනික වැඩ කටයුතු අද (31) දින නතර කිරිමට වතු පාලන අධිකාරිය පියවර ගෙන ඇත. 31 August 2020
මාතලේ වැව් තාවුළු අසල අනවසර ඉදිකිරිම් ඉවත් කරන්නැයි උපදෙස් මාතලේ දිස්ත්‍රික්යේ වැව් තාවුළු අසළ ඉදිකර ඇති අනවසර ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. 31 August 2020
ගංජා විකිණු කාන්තාවක් අත්අඩංගුවට ගංජා විකිණීමේ ජාවාරමක නිරතව සිටි 29 හැවිරිදි කාන්තාවක විකිණීමට සූදානම්කර තිබූ ගංජා සමඟ සුංගාවිල, පරණගමදී අද(31) අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලීසිය කියයි. 31 August 2020
වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 31 August 2020
පන්නිපිටියේ පැරණි බෝ ගසක් ගිනිගනී පන්නිපිටිය වීර මාවතේ වීර උයන ප්‍රදේශයේ වෙල්යායක් ගිනි තැබීමෙන් ඒ අසල තිබූ වසර සියයකට වඩා පැරණි බෝධි වෘක්ෂයක් අද (30) ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. 30 August 2020
ලොරි රථයක ගැටී කාන්තාවක් මරුට පුත්තලම මධ්‍යම අට්ටවිල්ලුව ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි 76 හැවිරිදි කාන්තාවක් ලොරි රථයක ගැටී අද (30) මරණයට පත්වී ඇති බව පුත්තලම පොලිසිය කියයි . 30 August 2020
කැනඩාවේ රැකියා දෙනවැයි මුදල් වංචා කරලා කැනඩා රැකියා සඳහා වීසා ලබා දෙන බව අන්තර්ජාලයේ දැන්වීම් පළ කර සංවිධානාත්මකව මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමේ යෙදුණු අඹු සැමි යුවළක් ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 August 2020
වෑන් රථයක ගැටී තරුණියක් මරුට යුද හමුදා සෙබලෙකු පැදවූ වෑන් රථයක් බන්ඩාරගම වැල්මිල්ල අලොතියාව ප්‍රදේශයේදී තරුණියක පැදවූ යතුරුපැදියක අද (30) ගැටීමෙන් තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය කියයි. 30 August 2020
දැරියක් අපයෝජනය කළැයි අයෙක් රිමාන්ඩ් අරලගංවිල පොලිස වසමේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අරලගංවිල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලෙස පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඒ අබේවර්ධන මහතා අද(30) නියෝග කළේය. 30 August 2020
කඳවුරට හොරොයින් ගෙන ගිය ලාන්ස් කෝප්රල් අත්අඩංගුවට හෙරෝයින් යුද හමුදා කඳවුර තුළට රැගෙනගිය ලාන්ස් කෝප්රල්වරයකු අද (30) වවුනියාව සෙට්ටිකුලම ගජසිංහපුර යුද හමුදා කඳවුරේදඅත්අඩංගුවටගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි. 30 August 2020
හිටපු කොස්තාපල්වරයකු මත්කුඩු සමඟ අත්අඩංගුවට වැඩ තහනමකට ලක්ව සිටින හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් මත්කුඩු සමඟ කොග්ගල සිංහ ධීවර ගම්මානයේ දී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 30 August 2020
හබරණ හුරුළු පාරිසරික වනෝද්‍යානයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි හබරණ, හුරුළු පාරිසරික වනෝද්‍යානයේ තලපත්කන්ද කොටසේ හටගත් ගින්නකින් අක්කර 20ක් පමණ ප්‍රමාණයක් දැවීගොස් ඇතැයි ඇතැයි හබරණ පොලීසිය කියයි. 30 August 2020
පාපැදි සොරෙකු අල්ලයි මීටියාගොඩ හා ඒ අවට පොලිස් බල ප්‍රදේශවලින් පාපැදි සොරකම් කරන අයෙකු සොරකම් කරන ලද පාපැදි 10ක් සමග අද (29 ) පස්වරුවේදි සැකපිට ප්‍රශ්න කිරීම සඳහා හික්කඩුව මලවැන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි. 29 August 2020
අමාත්‍ය ෂාන් විජයලාල් පිළිගැනීමේ උත්සවයක් මෙවර මහා මැතිවරණයේදි අඩ සියවසකට (වසර 51කට) පසුව අම්බලන්ගොඩ ආසනයෙන් වාමාංශික දේශපාලනඥයකු පාර්ලිමේන්තුවට තේරි පත්වු හා වසර 32කට පසුව අම්බලන්ගොඩ ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරි පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වූ හිටපු දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතා පිළිගැනීමේ උත්සවයක් අද (29 ) පස්වරුවේදි අම්බලන්ගොඩ නගර මධ්‍යයේදී පැවැත්විණ. 29 August 2020
එප්පාවල පහළ හල්මිල්ලෑව වැව පිළිසකර කිරීමට පියවර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ ඇතිවූ අධික වර්ෂාව නිසා වැව් බැම්ම කැඩීගිය එප්පාවල පහළ හල්මිල්ලෑව වැව රුපියල් ලක්ෂ 380ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය කියයි. 29 August 2020
ව්‍යාජ මැණික් ගල්වලට රන්මාලයක් වංචනිකව රැගෙනයයි කලවාන නගරයේ රාජ්‍ය බැංකුවක් අසලදී අද ( 29 ) ව්‍යාජ මැණික් ගල් තුනක් ලබාදී කතකගේ පවුම් 1 1/4ක රන්මාලයක් වංචනිකව රැගෙනගොස් ඇති තරුණියක් සොයා විමර්ශන ආරම්භ කර ඇතිබව කලවාන පොලීසිය පවසයි. 29 August 2020
ගංජා පැලයක් සමග සැකකරුවකු අත්අඩංගුවට කලවාන පිටවතුරාව ප්‍රදේශයේ නිවසක වගාකර තිබූ ගංජා පැලයක් සමග සැකකරුවකු කලවාන පොලීසිය මගින් අද (29) අත්අඩංගුවට ගත්බව කලවාන පොලිසිය පැවසීය. 29 August 2020
ත්‍රීරෝද රථයක් ගසක හැපී සිදුවූ අනතුරකින් අයෙක් මරුට වැලිකන්ද සිංහපුර මාර්ගයේ වැලිකන්ද සිට සිංහපුර දෙසට ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (28) සවස මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙකු මියගොස් ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 28 August 2020
සම්බාහන මුවාවෙන් ගණිකා නිවාසයක් පැවැත්වූ කතුන් 5දෙනෙකු රිමාන්ඩ් බලපත්‍ර නොමැතිව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් 5 දෙනෙකු අගෝස්තු 31 දා තෙක් රක්ෂිත බන්ධානාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය අද(28) නියෝග කළාය. 28 August 2020
හෙරොයින්-මුදල් ඇතුළු දේපොළ රැසක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට හෙරොයින්,මුදල්,රන්භාණ්ඩ උකස් කළ රිසිට්පත්, බැංකු කාඩ්පත් ඇතුළු දේපොළ රැසක් සමඟ අඹුසැමි යුවළක් අද (28) අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය පවසයි. 28 August 2020
හොර රන්බඩු විකිණූ පහක් අත්අඩංගුවට ව්‍යාජ ලෝහ වර්ගවලින් ආභරණ තනා , රන් ආලේප කර සැබෑ ස්වර්ණාභරණ ලෙස ඉතා ඉහළ මිල ගණන්වලට එම ආභරණ විකිණීමේ ජාවාරමකට සම්බන්ධ 5 දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 28 August 2020
බෝර 12 පතුරොම් තුවක්කුවක් ළඟ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට මින්නේරිය පොලිස් වසමට අයත් ගල්ඔය හතරැස්කොටුව ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස බෝර 12 පතරොම් තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 28 August 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025