IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බදුල්ලට දැඩි සුළං තත්ත්වයක්

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ කිහිපයක්  හරහා හමාගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස රැසකට අද (1) සුළු ප්‍රමාණයේ හානි සිදු වී ඇතැයි ද එය හදිසි ආපදා තත්ත්වයක් නොවන  බවද බදුල්ල   ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර මහතා පැවසීය .

ඇල්ල, බදුල්ල, සොරණාතොට, පස්සර, රිදීමාලියද්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම සුළං තත්ත්වය බලපෑ බවත් එම ප්‍රදේශවල  විදුලි කණු කඩා වැටීම ගස් කඩා වැටීම් හා වහළ සෙවිලි තහඩු ගැලවී යාම වැනි සුළු හානි සිදුවී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි .

මේ වනවිට සුළං තත්වය පහව ගොස් ඇති බවද එය හදිසි ආපදා තත්ත්වයක් ලෙස සැළකිය යුතු නොවන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ ඒ ප්‍රදේශවල ග්‍රාම නිලධාරීහු  හා ආපදා කළමනාකරණ නිලධාරීහු  සිදු වූ හානි පිළිබඳව පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

බදුල්ලට දැඩි සුළං තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site