IMG-LOGO

සම්බාහන මුවාවෙන් ගණිකා නිවාසයක් පැවැත්වූ කතුන් 5දෙනෙකු රිමාන්ඩ්

(දිනේෂ් උපේන්ද්‍ර)

බලපත්‍ර නොමැතිව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් 5 දෙනෙකු අගෝස්තු 31 දා තෙක් රක්‍ෂිත බන්ධානාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය අද(28) නියෝග කළාය.
 
කුලියාපිටිය හෙට්ටිපොළ පාරේ පිරිවෙන අසළ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානයක කාන්තාවන් 5 දෙනෙකු එලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.
 
ඔවුහු ඉඟුරුවත්ත, පන්ලියද්ද, මහනුවර, වැලිවේරිය, බදුල්ල යන ප්‍රදේශවල අය වෙති.
 
නඩුව කැඳවෙන එළඹෙන 31 දා වනවිට සැකකාරියන් සම්බන්ධව සමාජ රෝග වාර්තාවක් කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය එහිදී නියම කළාය.
 
සැකකාරියන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ මහතුන් කියාසිටියේ අදාළ ස්ථානයට බලපත්‍ර ඇති බවත් එම ස්ථානය ආයුර්වේද කොමසාරිස්වරයාගේ වැටලීම් බාර නිලධාරීන්ට මිස පොලිසියට වැටලීමට කිසිදු බලයක් නොමැති බවය. නිරෝධායන නීති කඩ කළා නම් එය පොලිසිය විසින් ඇප ලබාදිය හැකිව පවතින චෝදනාවක් බවද එහිදී නීතිඥවරු කරුණු දැක්වූහ.
 
වැටලීම කරන අවස්ථාවේදී කිසිදු බලපත්‍රයක් තිබී නොමැති බවත්, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතා උපාය ධූතයෙක් යවා කළ වැටලීමේදී අනාවරණය වූ කරුණු අනුව එම ස්ථානයේ ගණිකා නිවසක් ලෙස සැකකිරීමට ප්‍රමාණවත් තරම් කරුණු අනාවරණය ව තිබූ බවත්, පොලිසිය ඊට පිළිතුරු ලබාදෙමින් අධිකරණයට කරුණු දැක්වීය. එමෙන්ම මෙම ස්ථානය පිළිබඳව කුරුණෑගල ආයුර්වේද කොමසාරිස් වරයාගෙන් වාර්තාවක් කැඳවිය යුතුව පවතින බවත් නිරෝධායන නීති කඩ කිරීමට අදාළව හා බලපත් නොමැතිව සම්භාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධවද ඉදිරියේදී කටයුතු කරන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.

මෙම නඩුවේ පැමිණිල්ල පොලිස් කොස්තාපල් සමරසේකර(11627) මහතා විසින් මෙහෙයවූ අතර නීතිඥවරුන් වූ චම්පික ලසිතකුමාර, උපුල් අලගියවන්න, ජානක වත්තේගෙදර, විභූති සාරානාත් යන මහත්වරු පෙනීසිටියහ.



අදහස් (0)

සම්බාහන මුවාවෙන් ගණිකා නිවාසයක් පැවැත්වූ කතුන් 5දෙනෙකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site