
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
කලවාන පිටවතුරාව ප්‍රදේශයේ නිවසක වගාකර තිබූ ගංජා පැලයක් සමග සැකකරුවකු කලවාන පොලීසිය මගින් අද (29) අත්අඩංගුවට ගත්බව කලවාන පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම ප්‍රදේශයේ පදිංචි 30 හැවැරිදි දෙදරු පියෙකි. පොලිසියට ලද තොරතුරුකට අනුව නිවසේ මල් වගාව මැද වගාකර තිබූ මෙම ගංජා පැලය සොයාගත් බව කලවාන පොලීසිය සඳහන් කරයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම වැටලීම් කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ.සී.එස්. දයාවංශ මහතාගේ උපදෙස් හා මෙහෙයවීමෙන් පොලිස් නිලධාරින් විසින් සිදුකර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd