(මහේෂ් කිර්තිරත්න)
මාතලේ දිස්ත්‍රික්යේ වැව් තාවුළු අසළ ඉදිකර ඇති අනවසර ඉදිකිරිම් වහාම ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු කරන ලෙස මාතලේ මහ දිසාපති කරුණාසිරි පෙරේරා මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.
දිසාපතිවරයා මෙම නියෝගය සිදුකර ඇත්තේ වැව් තාවුළු අසළ විවිධ ඉදිකිරිම් සහ අනවසර වගාවන් සිදුකිරිම් පිළිබඳව තමන්ට ලැබුණු පැමිණිලි විමර්ශනය කිරිමෙන් පසුව බවත් තමා ඇතැම් ඉදිකිරිම් පෞද්ගලිකව හඳුනාගෙන ඇති බවද දිසාපති පැවසීය.
කණ්ඩලම,හත්තොටඅමුණ,දේවහුව වැව ආදි ප්‍රදේශවල ඇතැම් අනවසර වගාවන් සහ ඉදිකිරිම් ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් මේවාද විමර්ශනය සිදු කරන බවත් විවිධ ඉදිකිරිම් හේතුවෙන් වැව් පද්ධතියට විශාල ලෙස හානි සිදුව ඇති බවද මෙහිදී සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd