දඹුල්ල රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්
දඹුල්ල මූලික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (05) පෙරවරුවේ විවෘත කෙරිණි. එසේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්වූයේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.