ඉකුත් පැය 24 කදී පුද්ගලයින් 1280 ක් අත්අඩංගුවට බස්නාහිර පළාත් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි වලට සම්බන්ධ පුද්ගලයන් 1280ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 07 September 2020
මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටෙයි මාරවිල මුහුදුකටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට ගස් කඩා වැටීමෙන් හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර ඒ.එම් .ආර් .එන් .කේ. අධ්යක්ෂ මහතා පවසයි . 07 September 2020
රැකියාවක් දෙන බව කියා රවටා කාන්තාවකගේ රන්බඩු කොල්ල කාලා නව රජයේ රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ රැකියාවක් ලබා දෙන පවසා කෑගල්ලේ සිට මාතලේට කාන්තාවක් ගෙන්වාගෙන ඇය ලැගුම්හලකට ගෙන ගොස් මත්විමට බිම වර්ගයක් ලබා දි රුපියල් ලක්ෂ තුනක් වටිනා රන් භාණ්ඩ කොල්ල කෑ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කළ බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි. 07 September 2020
කැබ් රථයක යතුරු පැදියක් ගැටී අයෙක් මරුට ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේදී අද (06) කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි කහවත්ත පොලිසිය පැවසීය. 06 September 2020
බසයක් මතට ගසක් කඩා වැටෙයි බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මතට අද (06) පස්වරුවේ ගසක් කඩා වැටී තිබේ. 06 September 2020
ව්‍යාජ ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙක් රිමාන්ඩ් ව්‍යාජ විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කරමින් අන් අයෙකු ලෙස පෙනී සිටි මිනිමැරුම් නඩුවක විත්තිකරුවෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්දිකා රත්නායක මහත්මිය අද (06) නියම කළාය. 06 September 2020
පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුගේ මනුසත්කම පෞද්ගලික බස් රථයක අමතකව දමා ගිය රුපියල් 70,000 ක මුදලක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකාරිය සොයා භාරදීමට පෞද්ගලික බස්රථ කොන්දොස්තරවරයෙකු අද( 6) කටයුතු කළේය. 06 September 2020
වැලිකඩ බන්ධනාගාර තාප්පයට උඩින් පාර්සලයක් දැමීමට තැත්කළ අයෙක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ’’හාමිනා’’ නැමැති කාන්තා රැඳවියකුට තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන මහතා පැවසීය. 06 September 2020
කිතුල් ගසක් නිවසට කඩා වැටී කාන්තාවක් මරුට වැසි සහිත කාලගුණික තත්වයත් සමඟ අද (06) පස්වරුවේ ඇති වු සුළං තත්වය හේතුවෙන් නිවසක් මතට කිතුල්ගසක් කඩාගෙන වැටිමෙන් උණවටුණ රෑමස්සල බොනවිස්ටා ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මියගොස් ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 September 2020
මඤ්ඤොක්කා වගාවක තිබූ කංසා සමඟ අයෙක් අත්අඩංගුවට වීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති. 06 September 2020
ගල්කටස් වර්ගයේ අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට බළංගොඩ පින්නවල පොලිසිය කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාධිත තුවක්කුවක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත්බව පින්නවල පොලිසිය කියයි . 06 September 2020
ලෝකාන්තය මාර්ගයේ නන්පෙරියල් ගේට්ටුව ඉවත් කරන්න අනුමැතිය වසර පහකට වැඩි කාලයක් අවහිර කර ඇති බලන්ගොඩ ඉඹුල්පේ නන්පෙරියල් හරහා ලෝකාන්තය පිවිසිමට ඇති කෙටිම මාර්ගය නැවත සංචාකයින්ට විවර කිරිම සදහා රත්නපුර දිස්ත්‍රික් සමිබන්ධිකරණ කමිටු රැස්විමේදී අනුමැතිය ලැබුණු බව ඉඹුල්පේ ප්‍රදේශිය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතා අද (06) දා පැවැසිය. 06 September 2020
දෙමෝදර වැවක පා වෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර සවුදම් වත්තේ පිහිටි සවුදම් වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද (06) උදේ සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි. 06 September 2020
ඉඩමක වළ දැමූ ටී-56 උණ්ඩ 123ක් සොයාගනී තොටගොඩ බැදිපාර පිහිටි පුද්ගලික ඉඩමක වල දමා තිබු ටී.56 උණ්ඩ 123ක් සොයාගත් බව අක්මීමණ පොලිසිය පවසයි. 06 September 2020
ගෝණදෙනිය කන්දේ ගින්නක් වීරකැටිය ගෝණදෙනිය කන්ද අද (05) පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. ගින්නට හසුවීමෙන් ගෝණදෙනිය කන්දේ අක්කර 5ක පමණ ප්‍රමාණයක් විනාශයට පත් වී තිබුණි. 05 September 2020
දැරියකට අතවර කළ පුද්ගලයා රිමාන්ඩ් සිය නිවසට ගෙන ගොස් 12 හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කළේ යැයි මීටියාගොඩ පොලිසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුදහමුදා සෙබළෙකු සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (05) පස්වරුවේදී නියෝග කළේය. 05 September 2020
බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් ගමනාගමනය ඇණ හිටී බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි. 05 September 2020
දඹුල්ල රෝහලට හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් දඹුල්ල මූලික රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (05) පෙරවරුවේ විවෘත කෙරිණි. එසේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට පත්වූයේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. 05 September 2020
ලේ දන්දීමේ වැඩසටහනක් බදුල්ල පිංඅරාව තරුණ කැල සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක් බදුල්ල පිංඅරාව සත්බුදු විහාර මන්දිර පරිශ්‍රයේදී අද (5) පැවැත්වේ. 05 September 2020
කොළඹ කුරුණෑගල මාර්ගයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් මරුට කොළඹ කුරුණෑගල මාර්ගයේ ගල්කන්ද හන්දිය අසල දී අද (04) ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පැවසීය. 04 September 2020
පහර දී ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඬුවම වසර එකොළහකට පෙර , පහර දී සිරුර මතින් යතුරු පැදියක් ධාවනය කර , පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (04) මරණ දඬුවම නියම කළේය. 04 September 2020
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 06 ක් අත්අඩංගුවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 06 ක් අද (04) හබරණ , ගල්ඔය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත්බව ගල්ඔය පොලිසිය පැවසීය. 04 September 2020
මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවන්න යයි අම්බලන්වත්ත හීන් ඇළ සහ මිලිද්දුව මොරගොඩ ඇළ ආශ්‍රිතව පොම්පාගාර පිහිටුවීම සඳහා, වැවිලි ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (04) එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක නිරතවිය. 04 September 2020
ගණිකා නිවාසයක් වටලා හිමිකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එය පවත්වාගෙන ගිය පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනකු අද ( 4 ) සවස අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි . 04 September 2020
ඉඩමක් බලෙන් පවරාගැනීමකට එරෙහිව නිහඬ විරෝධතාවක් හලාවත ජයබිම ප්‍රදේශයේ ජනතාවගේ පොදු අවශ්‍යතා සඳහා වෙන් කර ඇති ඉඩමේ කොටසක් විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය සඳහා ලබාදීමට පියවර ගැනීමට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (4 ) නිහඬ විරෝධතාවක නිරත වුහ. 04 September 2020
ලක්ෂ දෙකක විදුලි උපකරණ සොරාගත් අයෙක් අත්අඩංගුවට හෙරොයින් මිලදී ගැනීම සඳහා නිවාසවලින් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදුලි උපකරණ තොගයක් සොරාගත් පුද්ගලයකු අද(04) හබරකඩදී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 04 September 2020
හිස් පතොරම් කොපු- ජීව උණ්ඩ සොයා ගනී මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ තිබී හිස් පතොරම් කොපු රැසක් සමඟ ජීව උණ්ඩ දෙකක් අද (4) දහවල් සොයාගත් බව මිරිගම පොලිසිය කියයි. 04 September 2020
ජල විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයාගේ සිරුර ඇළෙන් හමුවෙයි නොර්වුඩ් පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ විදුලි බලාගාරයේ වැඩට ගිය විදුලි කාර්මිකයාගේ සිරුර එම වත්තේ ඇළ මාර්ගයක තිබී අද (4) හමු වූ බව නොර්වුඩ් පොලිසිය පවසයි. 04 September 2020
වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු විරෝධතාවක වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කරන ලද අක්‍රමිකතා සහ එහි සේවයේ නිරත නිලධාරීන්ට කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් ප්‍රාදේශීය සභාවේ නිලධාරීහු අද (04) එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරතවූහ. 04 September 2020
ළිඳකට වැටී දරුවෙක් මරුට දෙනියාය , පල්ලෙගම බෙලිඅත්තකුඹුර ප්‍රදේශයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු සිය මිත්තණියගේ නිවස පිටුපස තිබූ අඩි 15 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 03 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025