
(එස්. ඩි .කොඩිකාර )
දෙනියාය , පල්ලෙගම බෙලිඅත්තකුඹුර ප්‍රදේශයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු සිය මිත්තණියගේ නිවස පිටුපස තිබූ අඩි 15 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී අද (03) ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටු බැද්ද ,මොරටුව ප්‍රදේශයේ පදිංචි ජී.වී.සෙනෙදු නෙත්මිණ නැමැති කුඩා දරුවෙකු බව පොලිසිය පැවසීය.
තම මව සහ වැඩිමල් සොහොයුරා සමඟ තම මිත්තණියගේ නිවසට පැමිණි අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි පොලිසිය පවසයි.
තම මව දිවා ආහාරය ගනිමින් සිටියදී මියගිය දරුවා නිවස ඉදිරිපිට තිබූ වෙල්යායේ මාළු අල්ලමින් සිට ඇති බවත් මද වේලාවකින් පසුව බලන විට එම ස්ථානයේ දරුවා නොසිටි හෙයින් පසුව දරුවාගේ මාමා පැමිණ සෝදිසි කිරීමේදී දරුවාගේ පාවහන් යුවල නිවස පිටු පස ලිඳේ පාවෙමින් තිබෙනු දැක වහාම ඔහු ළිඳ තුළට පැන ඇත.
පසුව ළිං පතුලේ සිරවී සිටි කුඩා දරුවා ගොඩට ගෙන දෙනියාය මූලික රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව දෙණියාය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (04) මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd