IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ළිඳකට වැටී දරුවෙක් මරුට

(එස්. ඩි .කොඩිකාර )

දෙනියාය , පල්ලෙගම බෙලිඅත්තකුඹුර ප්‍රදේශයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු  සිය  මිත්තණියගේ  නිවස  පිටුපස තිබූ අඩි 15 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී අද (03) ජීවිතක්ෂයට පත්ව  ඇතැයි දෙනියාය පොලිසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටු බැද්ද ,මොරටුව ප්‍රදේශයේ පදිංචි ජී.වී.සෙනෙදු නෙත්මිණ නැමැති කුඩා දරුවෙකු බව පොලිසිය පැවසීය.

තම මව සහ වැඩිමල් සොහොයුරා සමඟ තම මිත්තණියගේ නිවසට පැමිණි අවස්ථාවේ දී  මෙම සිද්ධියට මුහුණ දී ඇතැයි පොලිසිය පවසයි.

තම මව දිවා ආහාරය ගනිමින් සිටියදී  මියගිය දරුවා නිවස ඉදිරිපිට තිබූ වෙල්යායේ මාළු අල්ලමින් සිට ඇති බවත් මද  වේලාවකින් පසුව බලන විට එම ස්ථානයේ දරුවා නොසිටි හෙයින්  පසුව දරුවාගේ මාමා පැමිණ සෝදිසි කිරීමේදී දරුවාගේ පාවහන් යුවල නිවස පිටු පස ලිඳේ පාවෙමින් තිබෙනු දැක  වහාම ඔහු ළිඳ තුළට පැන ඇත.

පසුව ළිං පතුලේ සිරවී සිටි කුඩා දරුවා ගොඩට ගෙන දෙනියාය මූලික රෝහලට රැගෙන යන විටත් ඔහු මියගොස් සිටි බව දෙණියාය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (04) මාතර මහ රෝහලේදී පැවැත්වීමට නියමිත  අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ළිඳකට වැටී දරුවෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site