අවතැන් වූ පවුල් 10කට ඉඩම් දීම පමා කළැයි විරෝධතාවක් වසර කිහිපයකට පෙර සිදු වූ නායනෑම් හේතුවෙන් අවතැන් වූ පවුල් 10 ක් සඳහා ඉඩම් ලබාදීම ප්‍රමාදකිරීමට විරෝධය පළකරමින් හාලිඇළ පහළ කටුගහ මාණික්ඇල්ල ප්‍රදේශවාසීහු පිරිසක් අද(14) හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපස විරෝධතාවයක නිරත වූහ. 14 September 2020
ත්‍රීරෝද රියක් වහළේ උඩ තලවකැලේ, ගුණානන්දපුර ප්‍රදේශයේ මාර්ගයෙන් පහත පිහිටි නිවසක් මතට ත්‍රී රෝද රථයක් පෙරැළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 14 September 2020
බලන්ගොඩ බෝක්කුවක් අසළ සිරුරක් බලන්ගොඩ කල්තොට වැලිපතයාය ප්‍රදේශයේ බෝක්කුවක් අසළ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (14) සොයාගත් බව පොලිසිය පවසයි. 14 September 2020
හල්දුම්මුල්ලේ නිධන් හෑරු 5 ක් අත්අඩංගුවට හල්දුම්මුල්ල නගරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන පුද්ගලයින් පස් දෙනෙකු අද (14) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 14 September 2020
ලක්ෂ 6ක භූගත දුරකතන රැහැන් කැපූ 6ක් අත්අඩංගුවට ටෙලිකොම් ආයතනය විසින් බියගම ප්‍රදේශයේ ඇද තිබු, ලක්ෂ 6ක් පමණ වටිනා භූගත දුරකතන රැහැන් කැපු හමුදා සෙබලුන් දෙදෙනෙක් ඇතුලු සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 14 September 2020
මියගිය තල්මසෙකුගේ කොටසක් කටුනේරිය වෙරළට ගොඩගසයි මියගිය යෝධ තල්මසෙකුගේ සිරුරේ කොටසක් කටුනේරිය මුහුදු වෙරළට අද (13) ගොඩ ගසා තිබිය දී හමුවූ බව හලාවත ධීවර අධ්යක්ෂ කාර්යාලය පවසයි. 13 September 2020
රිය අනතුරකින් 7ක් රෝහලේ නුවරඑළිය-හැටන් මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් පතන මංසන්ධියේදී බස් නැවතුම්පළක තිබූ කණුවක ගැටී අද (13) සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුල-පතන පොලීසිය පවසයි. 13 September 2020
බඳින තුවක්කු තුනක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට බඳින තුවක්කු තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු යක්කලමුල්ලේ දී අද(13) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි. 13 September 2020
මෝටර් උණ්ඩ දෙකක් හෝමාගමින් අල්ලයි හෝමාගම පොලිස් වසමේ , මාගම්මන,දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල් යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී අද (13) සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසයි . 13 September 2020
කානු දෙකේ ගිනි අවි දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට කානු දෙකේ ගිනි අවි දෙකක් සමඟ අද(13) පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලයේ නිලධාරීහු කියති. 13 September 2020
අනවසරෙන් මැණික් ගරමින් සිටි අයෙක් පස් කන්දකට යටවී මරුට මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ තේ වගාව මධ්‍යයේ අනවසර මැණික් ගැරීමක නිරතව සිටි පුද්ගලයෙක් පස් කන්දකට යටවී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 13 September 2020
ලොරියකින් මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා ලොරි රථයකින් මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනකු මත්පැන් බෝතල් 660 සමඟ මන්නාරම වනජීවි කාර්යාලය අසළ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 13 September 2020
ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබේ. 11 September 2020
වැටුප් ගැටලුවකට නානුඔය වතුකම්කරුවෝ විරෝධයක වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් නානුඔය, උඩරදැල්ල වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් අද (11) විරෝධතාවයක නිරතවූහ. 11 September 2020
‘බූස්සේ ආහාර වර්ජනය කරන්නන්ගේ අමුත්තන්ට රැඳවියන් හමුවෙන්න බෑ’ බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක හා උපවාසයක යෙදී සිටින විශේෂ ගනයේ රැඳවියන්ගේ අමුත්තන්ට ඔවුන් හමුවීම අද (11) සිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාරය පවසයි. 11 September 2020
කලවාන ප්‍රා. සබේ විපක්ෂනායක බන්ධනාගාරයේ සිට සභාවට අධිකරණයට තීන්දුවක් මත දැනට බන්ධනාගාර ගතව සිටින කලවාන ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක එක්සත් ජාතික පක්ෂ කලවාන සංවිධායක ශ්‍යානක මොල්ලිගොඩ මහතා අද (11) කලවාන ප්‍රාදේශීය සභාවේ රැස්වීමට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැගෙන එනු ලැබීය. 11 September 2020
සුල්තානාගොඩ වැවේ පාවෙමින් තිබූ තරුණයකුගේ සිරුරක් සොයා ගනී මාතර සුල්තානාගොඩ වැවේ තිබූ තරුණයකුගේ සිරුරක් අද (11) උදෑසන සොයාගත් බව කොටවිල පොලීසිය පවසයි. 11 September 2020
බස් රථ දෙකක් ගැටී තිදෙනෙක් රෝහලේ පුත්තලම කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10) සිදුවූ අනතුරකින් තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව හලාවත පොලිසිය පැවසීය. 10 September 2020
ජාඇල ප්‍රදේශයෙන් තවත් කහ තොගයක් සොයාගනී වැඩි මිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ කහ කිලෝ 75 ක් සමඟ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරිය පවසයි. 10 September 2020
දුම්රියේ ටිකට් නැතිව ගිය 122ක් දඩ කති ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන්කළ මගීන් 122 දෙනෙකුගෙන් රුපියල් 361,000 දඩමුදලක් අද(10) දිනය තුළ පමණක් අයකරගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 10 September 2020
කුච්චවේලි නිවසකින් ජෙලිග්නයිට්-ඩෙටනේටර් හමුවෙයි කුච්චවේලි ජයානගර් ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබූ ජෙලිග්නයිට් කූරු,ඩෙටනේටර් කොඩ්, හා තියුණු ආයුධයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට අද (10) ගත් බව කුච්චවේලි පොලීසිය කියයි. 10 September 2020
අධි සංරක්ෂිත පක්ෂීන් කූඩුවල රඳවා සිටි ව්‍යාපාරිකයා අත්අඩංගුවට ශ්‍රී ලංකාවට ආවේණික අධි සංරක්ෂිත සතුන් හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩුවල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද (10) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි. 10 September 2020
ටිපර් රථයට යටවී රියැදුරු මරුට බිබිල මුදියල ගම්මානයේ, මාර්ගයක පණ ගන්වා නවතා තිබූ ටිපර් රථයකට යටවී එම රථයේ රියැදුරා අද(10) මියගොස් ඇතැයි බිබිල පොලිසිය පවසයි. 10 September 2020
වඩු කාර්මිකයා වල්අලි පහරින් මරුට නිකවැරටිය කිරින්ද ප්‍රදේශයේ මාලු ඇල්ලීමට ගිය වඩු කාර්මිකයකු වල් අලියෙකුගේ පහර දීමකට ලක්ව අද (10) අලුයම වැව් තාවුල්ලේ දී මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි. 10 September 2020
ටී 56 උණ්ඩ හතරක් මත්තේගොඩ නිවසක මත්තේගොඩ පොල්ගස්ඕවිට පාරේ හුදකලා නිවසක තිබී ටී පනස් හය ගිනි අවි සදහා භාවිතා කරන උණ්ඩ හතරක් අද (10) අලුයම සොයාගත් බව මත්තෙගොඩ පොලීසිය පවසයි . 10 September 2020
අස්වනු නෙළීමට තිබූ ලූනු වගාව වන අලි විනාශ කරති අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම කෝම්පලගම ප්‍රදේශයේ වන අලි රංචුවක් වැදී අස්වනු නෙළීමට ආසන්නව තිබූ ලොකු ලූනු වගා බිම් රැසක් විනාශ කර දමා ඇතැයි ගොවීහු පවසති. 10 September 2020
මියගිය වල් අලියෙකුගේ සිරුරක් වගා බිමකින් හමුවෙයි සැකකටයුතු ලෙස මියගිය වල් අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ වගා බිමක තිබියදී ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) සොයා ගනු ලැබීය. 09 September 2020
කේරල ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු ගාල්ල නගරයේදී අද (09) අත්අඩංගුවට ගත්බව හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි එච්.පි.ඩී.හේවාපතිරණ මහතා පැවසීය. 09 September 2020
බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට බාල වයස්කාර දැරියක් අපහරණය කොට දූෂණය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු අද (09) අත්අඩංගුවට ගත්බව දෙයියන්දර පොලිසිය පැවසීය. 09 September 2020
බලපත්‍ර නොමැති ගිනි අවි තුනක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව බෝර 12 වර්ගයේ තුවක්කුවක් හා බෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත්බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 09 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025