IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අනවසරෙන් මැණික් ගරමින් සිටි අයෙක් පස් කන්දකට යටවී මරුට

 

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ තේ වගාව මධ්‍යයේ  අනවසර මැණික් ගැරීමක නිරතව සිටි පුද්ගලයෙක් පස් කන්දකට යටවී මිය ගොස් ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇතිතේ, මස්කෙළිය, බ්‍රන්ස්වික් තේවතුයායේ, බිලූම්ෆීල්ඩ් කොටසේ පදිංචිව සිටි (29) හැවිරිදි සුබ්‍රමණියම් අමිලචන්ද්‍රන් නැමති එක් දරු පියෙකි.

මිය ගිය අයගේ ශරීරය සම්පූර්ණයෙන් පස්වලට යටවී හිසෙහි කොටසක් පමණක් පිටට දර්ශනය වන අයුරු දක්නට ලැබිණි.

මිය ගිය අයගේ බිරිඳ වන ඒ.දිවානි මහත්මිය මෙසේ පැවසුවාය. ‘තම සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරිතව සිටින බවත්,  ඊයේ නිවසට පැමිණ රාත්‍රී  09.00 ට පමණ මැණික් ගැරීම සඳහා යන බව පවසා නිවසින් පිටව ගිය බවත්, අද (13) උදෑසන දක්වා නිවසට නොපැමිණි නිසා සොයා බැලූ විට වත්තේ, බ්ලූම්ෆීල්ඩ් කොටසේ තේගස් අතර  මැණික් පතලක පස් කන්දකට යටවී මිය ගොස් සිටින බව දක්නට ලැබුණු බවයි.’

මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් මහතා පැවැත්වීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අනවසරෙන් මැණික් ගරමින් සිටි අයෙක් පස් කන්දකට යටවී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site