IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මියගිය වල් අලියෙකුගේ සිරුරක් වගා බිමකින් හමුවෙයි

(කුෂාන් ජයවර්ධන)

සැකකටයුතු ලෙස මියගිය වල් අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම කෝරලයාගම ප්‍රදේශයේ වගා බිමක තිබියදී ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් අද (09) සොයා ගනු ලැබීය.

වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී මෙම වල් අලියාගේ සිරුර සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිව තිබිණ.

දඹුලුහල්මිල්ල වැව සිට නාරංගස් වැව දක්වා ඉදිකර ඇති කෝරලයාගම විදුලි වැටට යාබදව ඇති වගා බිමක තිබී මෙම වන අලි සිරුර සොයාගෙන තිබේ.

මියගොස් ඇති වල් අලියා වයස අවුරුදු 40 ක් පමණ වන උස අඩි 10ක් පමණ  වන හොඳින් වැඩුනු පිරිමි සතෙක් වන අතර සිරුරේ තත්ත්වය අනුව මින් දින දෙකකට පමණ ඉහතදී එම අලියා මිය යන්නට ඇතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.

එම අලියාගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැති බවත්, එම අලියාගේ සිරුර සම්බන්ධයෙන් වනජීවි පශු වෛද්‍යවරයෙකු මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවත්, ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියකු පැවැසීය.

වන අලියාගේ මරණය ඝාතනයක් ද යන්න සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගල්කිරියාගම වන සත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් හා ගල්කිරියාගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අලියාගේ සිරුර තිබූ වගා බිමේ හිමිකරුගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගැනීමට විමර්ශන නිලධාරීන් මේ වනවිට පියවර ගෙන තිබේ.



අදහස් (0)

මියගිය වල් අලියෙකුගේ සිරුරක් වගා බිමකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site