IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැටුප් ගැටලුවකට නානුඔය වතුකම්කරුවෝ විරෝධයක

(ශාන්ත චන්ද්‍රසිරි)
 
වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් නානුඔය, උඩරදැල්ල වතුයායේ වතු කම්කරුවෝ පිරිසක් අද (11) විරෝධතාවයක නිරතවූහ.
 
වතුකම්කරුවන්ගේ මාසික වැටුපෙන් කෙරෙන විවිධ අයකරගැනීම් වෙනුවෙන් එකවර මුදල් කපා හැරීම පිළිබඳව මොවුහු විරෝධය පළකළහ.
 
මෙලෙසින් වැටුපෙන් මාසිකව විවිධ අයකරගැනීම් සඳහා මුදල් කපාහැරීම හේතුවෙන්, වැටුප වශයෙන් රුපියල් 1500ක් මෙන්ම රුපියල් 10ක් ලැබුණු කම්කරුවන් ද සිටින බව එම පිරිස කියාසිටිති. මේ හේතුවෙන් තමන්ට මාසික වියදම් පියවා ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයන්ට ලක්ව ඇති බවද විරෝධතාවයේ නිරත පිරිස පැවැසුහ.
 
වතු කම්කරුවන් විරෝධතාවයේ නිරතව සිටි ස්ථානයට පැමිණි නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජන් මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්  හා රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරමින් මෙම ගැටලුවට වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර විසඳුමක් ලබා දෙන බවට පොරොන්දුවීමෙන් පසු වතු කම්කරුවෝ විරෝධතාවය අවසන් කළහ.



අදහස් (0)

වැටුප් ගැටලුවකට නානුඔය වතුකම්කරුවෝ විරෝධයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site