IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අස්වනු නෙළීමට තිබූ ලූනු වගාව වන අලි විනාශ කරති

 

(කාංචන කුමාර ආරියදාස)

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කිරියාගම කෝම්පලගම ප්‍රදේශයේ වන අලි රංචුවක් වැදී අස්වනු නෙළීමට ආසන්නව තිබූ ලොකු ලූනු වගා බිම් රැසක් විනාශ කර දමා ඇතැයි ගොවීහු පවසති.

කලාවැව රක්ෂිතයේ සිටින වන අලින් මේ ආකාරයෙන් විදුලි වැටවල් කඩාගෙන ගම්වැදීම කාලයක සිට සිදුවන බවත් මෙවර ඒ තත්ත්වය වැඩි වශයෙන් දක්නට තිබෙන බව ද ඔවුහු කියති.

දේශීය ලොකු ලූනු වගාවේ තවත් සති කිහිපයකින් අස්වනු නෙලීමට ආසන්න ව තිබුණු බවත් එකවරම රාත්‍රී කාලයේ වන අලින් කඩා වැදී එළවලු වගාවන් ලූනූ වගාවන් විශාල වශයෙන් මිල කිරීමට නොහැකි තත්ත්වයේ පාඩුවක් සිදුකර ඇති බව සඳහන් කරති.

කෝම්පලයාගම ප්‍රදේශයේ වගා බිම් වලට වන අලින් කඩා  වැදීම  වළකා ගැනීමට  රජය විශාල මුදලක් වියදම් කර පසුගිය කාලයේ විදුලි වැටක් ක්‍රියාත්මක කර  ඇති අතර එම විදුලිවැට ඉදිකර ඇත්තේ ප්‍රදේශ අවට ගස් වලට කම්බි ඇද ගැට ගසමිනි.

ගස් විශාල වීමත් සමඟ එම කම්බි ගස් තුළම ඇදී විනාශ වීම වන අලින් කඩා බිඳ දැමීමෙන් අලි වැට සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන අයුරු දක්නට ලැබේ.

මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට රාජ්‍ය  නිලධාරීන්ට කොතෙකුත් ප්‍රකාශ කළ ද කිසිදු පලක් නොමැති බව  ගොවියෝ කියති. රාජ්‍ය සේවයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන පිරිස් හැසිරෙන ආකාරය පිළිබඳව ද ගොවීන් දැඩි වේදනාවෙන් යුතුව කියා සිටියේ උදෑසන සේවයට වාර්තා කිරීම 10 පසු වී සිදුවන බවත් ඉන් පසුව ආහාරය ලබාගෙන ජංගම දුරකථන ඔබමින් ජනතා සේවයක් සිදු නොකරන ආකාරයට හැසිරෙන බව ඔවුහු දැඩි කනගාටුවෙන් යුතුව ප්‍රකාශ කළහ.



අදහස් (0)

අස්වනු නෙළීමට තිබූ ලූනු වගාව වන අලි විනාශ කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site