(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම පොලිස් වසමේ , මාගම්මන,දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල් යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී අද (13) සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසයි .
අද (13) දහවල් වෙල්යාය පිරිසිදු කරමින් සිටි ගොවි මහතකුට බෑගයක බහා තිබූ පාර්සලයක් පරික්ෂා කිරීමේදී ඒ තුළ කිසියම් සැක සහිත පාර්සලයක් තිබී හමුවීමත් සමග පොලිසිය දැනුවත් කර තිබේ.
මේ දිනවල ගිනි අවි ,පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන හෙයින් ඒ පිළිබඳ බියට පත් කිසියම් අයකු මෙම මෝටර් උණ්ඩ දෙක මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ඒ අනුව මෙම උණ්ඩ දෙක අධිකරණ නියෝගයක් හරහා බෝම්බ නිෂ්ක්‍රිය අංශයට බාර දී නිෂ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි .
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මෝටර් උණ්ඩ දෙකක් හෝමාගමින් අල්ලයි