IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජාඇල ප්‍රදේශයෙන් තවත් කහ තොගයක් සොයාගනී

(ඉන්දිකා රාමනායක)

වැඩි මිලට අලෙවි කිරීම සඳහා  සූදානම් කර  තිබූ කහ කිලෝ 75 ක් සමඟ පුද්ගලයෙකු ජාඇල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරිය පවසයි.

ජාඇල ප්‍රදේශයේ ඇබරුම් හලක පාලන මිලට වඩා වැඩි මිලට   කහ අලෙවි කිරීමේ   සූදානමක් තිබෙන බවට බස්නාහිර බුද්ධි කොට්ඨාසට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික අධිකාරිය හා ජාඇල පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකළ බව පාරිභෝගික අධිකාරියේ  උසස් නිලධාරියෙකු පැවසීය.

සැකකරු මෙම  කහ කිලෝව රුපියල් 5000 ට අලෙවි කිරීමට සූදානමින් තිබූ බව එම නිලධාරියා කියා සිටියේය.

ඔහු මෙම කහ කිලෝවක් රුපියල් 4500 බැගින් වූ මුදලකට පිටකොටුවෙන් ලබාගත් බවට පාරිභෝගිය අධිකාරියට පවසා ඇත.

සැකකරු මෙම කහකුඩු  සඳහා   රසායනික ද්‍රව්‍ය සහිත  ඩයිවර්ග හෝ වෙනත් කිසියම් ආදේශක  මිශ්‍ර කර ඇති ද යන්න හෙළි කර ගැනීමට  එහි සාම්පල් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර ඇත.

මෙම කහවල ශරීරයට අහිතකර ඩයිවර්ග කිසිවක්  මිශ්‍ර කර ඇති බවට හෙළි වුවහොත් සැකකරුට එරෙහිව ඒ සම්බන්ධයෙන් උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික අධිකාරිය වැඩිදුරටත් පවසයි.

 

 



අදහස් (0)

ජාඇල ප්‍රදේශයෙන් තවත් කහ තොගයක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site