අනවසරයෙන් වැලි ගොඩ දැමූ පිරිසක් ට්‍රැක්ටර් සමඟ අත්අඩංගුවට බලපත්‍ර නොමැති ස්ථානයකින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකු සහ එම වැලි ප්‍රවාහනය කිරීමට ගෙනැවිත් තිබූ ට්‍රැක්ටර් රථ 13 ක් අද (09) අත්අඩංගුවට ගත්බව අක්කරපත්තුව පොලිසිය පැවසීය. 09 September 2020
මාතලේ ගණිකා නිවාසයක් වටලයි මාතලේ බලකඩුව ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවක් සහ පුද්ගලයකු අද (09) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 09 September 2020
’’රජ වාසල’’ වෙළඳ සංකීර්ණයට යෝජිත ස්ථානය ඇමැතිවරුන්ගේ නිරීක්ෂණයට කොටුව දුම්රිය ස්ථානයේ ඉදිකිරීමට නියමිත ’’රජ වාසල’’ සුපිරි වෙළඳ සංකීර්ණයට යෝජිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන , ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ යන මහත්වරු ඇතුළු පිරිසක් අද (09) කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණියහ. 09 September 2020
කොරල්පර වලට හානි කරමින් මසුන් මැරූ තිදෙනෙක් අත්අඩංගුවට නොගැඹුරු මුහුදේ ඇති කොරල් පර මත දැල් එලා කොරොල්පර වලට හානි වන අයුරින් මසුන් මරමින් සිටි තිදෙනෙකු අද (09) බලපිටියේදී අත්අඩංගුවට ගත්බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරයි. 09 September 2020
වැස්සෙන් බලන්ගොඩ-ඉඹුල්පේ 100ක් පීඩාවට වැසි සහ දැඩි සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලන්ගොඩ හා ඉඹුල්පේ බල ප්‍රදේශවල පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් පීඩාව පත්ව ඇති බව බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය. 09 September 2020
බඹරු ඇනීමෙන් කහගොල්ලේ දෙදෙනෙක් රෝහලේ හපුතලේ බණ්ඩාරවෙල උඩ පාර ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේ දී අද (9) මාර්ගය දෙපස මාර ගස්වල බැඳ තිබූ බඹර වද ඇවිස්සීමෙන් එම මාර්ගයේ ගමන් ගත් පිරිසකට බඹර ඇන ඇතැයි හපුතලේ පොලිසිය කියයි. 09 September 2020
නාත්තන්ඩිය ප්‍රා. සභාවෙන් ගෙනා කුණු බෝතලේගම කුඹුරුවලට ගසාගෙන යයි දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බෝතලේගම පාසල් මාවතේ පිහිටි පෞද්ගලික ඉඩමකට එම ඉඩමේ හිමිකරු විසින් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවෙන් එකතුකරනලද ඝණ අපද්‍රව්‍ය ඇතුළු කැලිකසළ රැගෙනවිත් මුදාහැරීමෙන්, ඒවා ජලයට මුසුවී අවට කුඹුරුවලටගලා යෑම නිසා එම කුඹුරු වගාකිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කුඹුරු ඉඩම් හිමියෝ පවසති. 09 September 2020
එළුවන්කුලමේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම එළි කළැයි තවත්3 ක් අත්අඩංගුවට වනාතවිල්ළුව-එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩමක් එළිකර සම්බන්ධව මේ වන විට තවත් පුද්ගලයින් තිදෙනකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ළුව පොලීසිය කියයි. 09 September 2020
බෝට්ටුව පෙරැළෙයි : ධීවරයෝ දෙදෙනා දිවි බේරාගනිති මාලු ඇල්ලීමට මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බෝට්ටුවක් පෙරැළීමෙන් බෝට්ටුවේ එල්ලී සිටි ධීවරයන් දෙදෙනා බේරාගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය පවසයි. 09 September 2020
ජීව අත්බෝම්බ-මත්ද්‍රව්‍ය සමඟ දෙදනකු අත්අඩංගුවට සුඛෝපබෝගී වෑන් රථයකින් පැමිණ කිරි එළදෙනකු සොරකම් කර ඝාතනය කර මස්කඩයකට විකිණූ බව කියන දෙදෙනකු සහ කඩ හිමිකරු ජීව අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි. 09 September 2020
යක්කලමුල්ලේ ගැමියෝ පාරට බසිති යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ලල මුල්ලේ පවත්වාගෙන යනු ලබන ගල්කොරි දෙකක් හේතුවෙන් තමන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇතැයි පවසමින් ගල්ලල මුල්ල ප්‍රදේශවාසීන් අද (09) උද්ඝෝෂණයක නිරත වූහ. 09 September 2020
රුපියල් ලක්ෂයක හෙරොයින් සමඟ අයෙක් දැලේ හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 ක් සමඟ සැකකරුවකු අද (08) අත්අඩංගුවට ගත්බව හක්මන පොලිසිය පැවසිය. 08 September 2020
පිස්තෝලයක් - ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තිබූ අයෙක් රිමාන්ඩ් මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ පිස්තෝලයක් සහ විවිධ වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවෙකු ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී.ඒ සමරදිවාකර මහතා අද (08) නියම කළේය. 08 September 2020
අළු ගිරවෙක්-මයිනෙක් ළඟ තබාගත් දෙදෙනෙකුට දඩ ශ්‍රී ලංකාවේ ආරක්ෂිත පක්ෂීන් ලෙස සැලකෙන අළු ගිරවෙකු සහ මයිනෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 70,000 ක දඩ මුදලක් ගෙවන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද (08) නියෝග කළාය. 08 September 2020
තහනම් දුම්වැටි 3000 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදිත මෙරට අළෙවි කිරීමට තහනම් දුම්වැටි 3000 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ඩයගම පොලීසිය පවසයි. 08 September 2020
උකුවෙල ප්‍රා.සභාවේ උප සභාපතිට පහර දෙයි උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජා.ප) අබ්දුල් නිසාර් මහතාට සභා කාර්යාලය තුළදි අද (8) දහවල් පුද්ගලයකුගේ පහරදීමට ලක්ව ඇති බව පොලිසිය කියයි. 08 September 2020
වෛද්‍යවරයෙකුගේ මුවාවෙන් රෝගීන්ට උපදෙස් දුන් අයෙකු දැලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් හැටන් සහ ඒ අවට ප්‍රධාන නගරවල රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් අද(08) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 08 September 2020
කපමින් තිබූ ගසකට යටවී දරුවෙක් මිය යයි කපමින් තිබූ සියඹලා ගසකට යටවීමෙන් අද (08) අවුරුදු 11 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 08 September 2020
මීරිගම ශ්‍රීලනිප සංවිධායකවරිය මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන සංවිධායක සුනේත්‍රා සමරකෝන් මහත්මිය මීරිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වන බව ලිපියක් මඟින් දන්වා ඇතැයි, ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් නන්ද සිරි රනතුංග මහතා මාසික රැස්වීමේදී අද(8) දැනුම් දුන්නේය. 08 September 2020
හදිසියේ ආ පිරිසක් නිසා මීරිගම ප්‍රා.සභාව කල් තියයි මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද ආරම්භ වීමට සූදානම් වූ අවස්ථාවේ මීවිටිය ප්‍රදේශයේ පිරිසක් සභා ගර්භයට පැමිණ මාර්ගයක ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම හේතුවෙන් සභාව කල්තබා එම ගැටලුව විසඳීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ( පොදුජන පෙරමුණ ) පියවර ගත්තේය. 08 September 2020
තබ්බෝව අභය භූමියේ දඩයමේ ගිය 7 ක් අල්ලති තබ්බෝව අභය භූමිය තුළ දඩයමේ ගිය හා වැලි ජවාරමේ නියුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි. 08 September 2020
කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයේ මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය. 08 September 2020
අතරමැදි කන්නයේ ඉපනැල්ලේ මුං වගාව සාරයි තබ්බෝව ව්‍යාපාරයේ මයිලන්කුලම ගොවීහු මෙවර යල කන්නයේ ගොයම් කැපීමේන් පසුව ඉපනැල්ලේ මුං වගා කොට අතමිට සරු කරගෙන සිටිති. 07 September 2020
ගං වතුරෙන් පන්නල පවුල් 52 ක් අවතැන් දිවයිනපුරා ඇදහැලුණ අධික වර්ෂාවත් සමඟ ඇතිවු ගං වතුර තත්වය හේතුවෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාමසේවා වසම් හතරක පවුල් 52 ක පුද්ගලයන් 181 අවතැන් වී ඇති බව පන්නල ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න බණ්ඩාර මහතා පැවසීය. 07 September 2020
බඹරු ඇනීමෙන් වතු කම්කරුවෝ 8 ක් රෝහලේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි. 07 September 2020
ව්‍යාපාරිකයෙක් අ‘පුර නගරයේ උපවාසයක කඩ කාමර බාරදි ඉන් ඉවත් වන ලෙස දන්වා අනුරාධපුර මහා නගර සභාව විසින් සිංහ කුලුන අසළ ව්‍යාපාරිකයන් පිරිසකට දැනුම්දුන් ලිඛිත නියෝගයට විරෝධය පළ කරමින් ව්‍යාපාරිකයෙකු අද(07)දින මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. 07 September 2020
‘වික්ටර්’ කල්ලියේ ප්‍රබලයකු අත්අඩංගුවට මුලතිව් දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධී ක්රියාවන්හී නිරත වෙමින් පොලීසිය සොයමින් සිටි ‘වික්ටර්’ නැමති කල්ලියේ ප්‍රබල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 07 September 2020
අහංගම ගොවියාපාන ඇළේ පුද්ගල මළ සිරුරක් අහංගම ගොවියාපාන ඇලේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් අද ( 07) හමුවූ බව අහංගම පොලිසිය පවසයි. 07 September 2020
පැරණි කඩු 4 ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැරණි කඩු 4 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවට ඉලවාලෙයි පොලීසිය පවසයි. 07 September 2020
යතුරුපැදි අනතුරකින් ගුරු උපදේශකවරයෙක් මරුට යාපනය කෝපායි පුදර්මඩම් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරු උපදේශකවරයකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 07 September 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025