
(ශාන්ත චන්ද්‍රසිරි)
විදේශීය රටක නිෂ්පාදිත මෙරට අළෙවි කිරීමට තහනම් දුම්වැටි 3000 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ඩයගම පොලීසිය පවසයි.
ගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙසේ සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් දෙදෙනා ගම්පොළ නගරයේ සිට ත්‍රී රෝද රථයකින් ඩයගම ප්‍රදේශයේ වෙළෙඳ සැල්වල රහසිගතව අළෙවි කිරීම සඳහා මෙම සිගරට් තොගය හොර රහසේ ගෙන එමින් සිටියදී පොලීසියට හසුව තිබේ.
උඩරට වතුකර ආශ්‍රිත ප්‍රදේශවල මෙම නීතිවිරෝධි දුම්වැටි ජාවාරම මොවුන් විසින් කලක පටන් සිදුකර ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තහනම් දුම්වැටි 3000 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට