(රංජිත් රාජපක්ෂ)
හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි තේ වතු යායට අයත් බ්‍රොඩොක් කොටසේ ගසක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් 8 දෙනෙකු දික්ඔය මුලික රෝහලට අද (7) ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය සමඟ තේ වත්තේ ගසක බැද තිබූ බඹර කුඩුවක් එකවරම කඩා වැටී තිබේ.
තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකුට මෙලෙස බඹරු ඇන ඇතැයි වතුයායේ පාලන අධිකාරිය කියා සිටී.
තේ වත්තේ බැද තිබූ බඹර කුඩුව දුමාරයක් ඇති කර ඉවත් කිරිමට ගිය වතු කම්කරුවන් දෙදෙනෙකුට ද පසුව බඹරුන් ඇන තුවාල සිදුකර තිබේ.
එම වතු යායේ විශාල ගස් වල බඹරුන් විශාල වශයෙන් කුඩු බැද තිබිමෙන් වතු කම්කරුවන් අද (7) එම වතු යායේ දෛනික වැඩ කටයුතු වලින් වැළකී සිටිමට පියවර ගනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd