IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උකුවෙල ප්‍රා.සභාවේ උප සභාපතිට පහර දෙයි

(මහේෂ් කිර්තිරත්න)

උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති (එ.ජා.ප) අබ්දුල් නිසාර් මහතාට සභා කාර්යාලය තුළදි  අද (8) දහවල්  පුද්ගලයකුගේ පහරදීමට ලක්ව ඇති බව පොලිසිය කියයි.

උකුවෙල ප්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිසාරේ මහතා මාසික මහ සභා රැස්විමට සහභාගි වී දිවා ආහාරය ගැනීමෙන් පසුව සිය කාර්යාලයේ දී රැදී සිටි අවස්ථාවේ දී මෙලෙස පහරදී තිබේ.

උකුවෙල වරකාමුර ප්‍රදේශයේ පස් දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  පුද්ගලයකු පැමිණ පැමිණිල්ලක් චාවිකව ඉදිරිපත් කරන අවස්ථාවේ දී එම පස් දැමීමේ සිද්ධියට සම්බන්ධ අනෙක් පුද්ගලයා හා උප සභාපතිවරයා අතර ඇතිවු බහින් බස්විමක් දුර දිග යාමෙන් මෙම පහර දිම සිදුවු බව මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකුම පැවසීය.

උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.එම් චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) මාසික මහ සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදී මෙම පහර දීම සිදු වූ බවත් සභාව මදකට කල් තැබූ සභාපතිවරයා, උප සභාපතිවරයා වහාම පොලිස් පැමිණිල්ලක් දැමිමට පිටත් කර යැවු අතර සභාව පසුව පවත්වාගෙන ගියහ.

පහර කැමට ලක්වු උප සභාපතිවරයා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද සභාපති ඩබ්.එම් චේතියරත්න මහතා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

උකුවෙල ප්‍රා.සභාවේ උප සභාපතිට පහර දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site