
(රොමේෂ් මධුෂංඛ)
යාපනය කෝපායි පුදර්මඩම් ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ගුරු උපදේශකවරයකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බවට කෝපායි පොලීසිය පවසයි.
වඩමාරච්චි උතුර කලාප අධ්‍යාපන කාර්යාලෙය් සේවයේ නිරත වූ ගුරු උපදේශක වරයා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියක් අධික වේගයකින් ධාවනය කර යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙළි වී ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන්ගේ ගුරු උපදේශක 63 හැවිරිදි මහලිංගම් වින්සන් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනෙක් පුද්ගලයා බරපතල තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර කෝපායි පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යතුරුපැදි අනතුරකින් ගුරු උපදේශකවරයෙක් මරුට