IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හදිසියේ ආ පිරිසක් නිසා මීරිගම ප්‍රා.සභාව කල් තියයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම ප්‍රාදේශීය සභාවේ මාසික  රැස්වීම අද ආරම්භ වීමට සූදානම් වූ අවස්ථාවේ  මීවිටිය ප්‍රදේශයේ පිරිසක් සභා ගර්භයට පැමිණ මාර්ගයක ගැටළුවක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම හේතුවෙන් සභාව කල්තබා එම ගැටලුව විසඳීමට සභාපති සරත් නන්දසිරි රණතුංග මහතා ( පොදුජන පෙරමුණ )  පියවර ගත්තේය.

රැස්වීම ආරම්භයට මොහොතකට පෙර කාන්තාවන් ඇතුලු පිරිසක් සභා ගර්භයට පැමිණ මීවිටිය ප්‍රදේශයේ  මාර්ගයක්  කොන්ක්‍රීට් කිරීමෙන් පසුව මාර්ගය අතර කොටසක අනවසර නිවසක් සෑඳීමේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සභාව දැනුවත් කළේය.
 
මෙම ගැටලුව සම්බන්ධයෙන් මිනින්දෝරුවන් ලවා අදාළ  බිම් කොටස් මැන  ගැනීමට කටයුතු කර ඇති බව සභාපතිවරයා ඔවුනට දැනුම් දුන්නත් එම පිරිස සභා භූමියට වි ඔවුන් ගේ විරෝධය පළ කරන්ට වූහ.
 
ඔවුන් ප්‍රකාශ  කළේ මෙම නිවසක්  ඉදිකිරීම සම්බන්ධයෙන් සභාව නිසි පියවර ගෙන නැති  බවය. මේ අතර සභාවේ කටයුතු ආරම්භ කෙරුණ ද ජාතික ජනතා පක්ෂයේ මන්ත්‍රී කුමාර ගජනායක මහතා සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සභාව විනාඩි දහයකට  කල් දමා ජනතා ගැටලුව විසඳීමට පියවර ගන්නා ලෙසය.   
අනතුරුව සභාපතිවරයා සභාව කල්තබා  පිටත රැඳී සිටි ජනතාව හමුවීමට ගිය අතර සියලු  පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ද ඒ අවස්ථාවට එක් වූහ.
 
සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු සභාව අදාළ මාර්ගය සම්බන්ධයෙන් ගෙන ඇති පියවරයන් පිළිබඳව ලිපි ගොනු ඉදිරිපත් කරමින් ජනතාවට කරුණු දැක්වුහ.  අදාළ මාර්ගයේ අයිතිය සම්බන්ධයෙන් මිනුම් කටයුතු කරන තුරු පියවර ගැනීමට හැකියාවක් නැති බව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු ජනතාවට පැහැදිලි කර දීමෙන් පසුව මිනුම් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට තවත් ලිපියක් යැවීමට පියවර ගැනීමෙන් පසු ජනතා විරෝධය අවසන් විය.අනතුරුව සභාවේ කටයුතු ආරම්භ කෙරිණි.

 



අදහස් (0)

හදිසියේ ආ පිරිසක් නිසා මීරිගම ප්‍රා.සභාව කල් තියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site