(අනීෂා මානගේ)
සුඛෝපබෝගී වෑන් රථයකින් පැමිණ කිරි එළදෙනකු සොරකම් කර ඝාතනය කර මස්කඩයකට විකිණූ බව කියන දෙදෙනකු සහ කඩ හිමිකරු ජීව අත්බෝම්බයක්, හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 600 ක් සමඟ අත්අඩංගුවට ගත් බව වීරකැටිය පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිගම, වීරකැටිය සහ කිරින්ද යන ප්‍රදේශවල පදිංචි තිදෙනකු බව පොලිසිය කියයි.
සුඛෝපබෝගී වෑන් රථයකින් පැමිණි බව කියන කිහිපදෙනකු වීරකැටිය රන්න මාර්ගයේ පිහිටි නිවෙසකින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා කිරි එළදෙනක සොරකම් කර ඇති බවට වීරකැටිය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවකු කිරින්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කිරි එළදෙන කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදී ඝාතනය කර වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ මස් කඩයකට අලෙවි කර ඇතැයි තොරතුරු අනාවරණය කර ඇත. ඒ අනුව එම වෙළෙදසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ගව මස් කිලෝග්‍රෑම් 140ක්, මස් ගබඩා කළ බව කියන අධිශිතකරණය, පිහි, තරාදි ඇතුළු උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ.
සොරකම් කරන ලස එළගවයා පටවාගෙන ගිය බව කියන වෑන් රථය අත්අඩංගුවට ගත් සැකකරුගේ තොරතුරු අනුව වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබිණි. එම වෑන් රථය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී වෑන් රථයේ සඟවා තිබූ ජීව අත්බෝම්යකින් සැකකරු විසින් පොලිස් නිලධාරින්ට පහරදීමට සූදානම් වී ඇති අතර පොලිස් නිලධාරින් සැකකරු සමඟ පොරබදා ඇතැයි නිලධාරිහු කියති.
සිද්ධියට සම්බන්ධ කියන තවත් සැකකරුවකු වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ මිලිග්‍රෑම් 600ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලිස් නිලධාරිහු පරීක්ෂණ සිදුකරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජීව අත්බෝම්බ-මත්ද්‍රව්‍ය සමඟ දෙදනකු අත්අඩංගුවට