
(රංජිත් රාජපක්ෂ)
කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ඇළ මාර්ගයක බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් අට දෙනෙකු හැටන් පොලිස් කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් අද (8) අත්අඩංගුවට ගනු ලැබීය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි තේ වත්තේ වතු කාර්යය මණ්ඩලයේ වසා දමා ඇති නිල නිවාසයක් ආසන්නයේ සහ කෙසෙල්ගමුඔයට පොට්රි වතු යායේ සිට ජලය ගලා බසිනා පොට්රි ඇළ මාර්ගයේ සැකකරුවන් අනවසරෙන් මැණික් ගරමින් සිට තිබේ.
වසා දමා ඇති වතු කාර්යය මණ්ඩල නිල නිවසට විදුලි බලය ලබා දී ඇති වයරය පළුදු කර ඉතා සුක්ෂම ලෙස අනවසරෙන් විදුලිය ලබාගෙන මැණික් ජාවාරමේ නිරතව සිටි සැකකරුවන් පිටතට ශබ්දය නොඇසෙන සේ විදුලි බලයෙන් ක්‍රියා කරන ජලය ඉසින වතුර මෝටරයක් ද ආධාර කරගෙන මෙම මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනෙකු පලා ගිය බවත් , සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෙසෙල්ගමු ඔයේ ඇළ මාර්ගයේ මැණික් ගැරූ 8 ක් අත්අඩංගුවට